April 18, 2024

හතුරුසිංහ වැඩ අල්ලයි.. මාලිංගත් එයි..

December 28, 2017

ශ්‍රී ලංකාව, බංග්ලාදේශ කණ්ඩායමය හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත තුන්කොන් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කළා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟින්.

තරඟාවලියට පෙර විශේෂ පුහුණු වැඩසටහනක් සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පුහුණු සංචිතයක් පසුගියදා නම් කෙරුණු අතර සියලු ක්‍රීඩකයින් අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ කළ පුහුණුවීම් සඳහා පැමිණ ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගද එම අවස්ථාවේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග සුහද කතාබහක නිරත වු බවද එම වාර්තා වැඩිදුරටත් දක්වයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ තරඟ සංචාරයට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විශේෂ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගියදා වැඩ බාරගත් චන්දික හතුරුසිංහ යෝජනා කෙරුණු අතර හතුරුසිංහගේ එම යෝජනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිවිය.

මෙම පුහුණු වැඩසටහනෙන් පසු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සදහා නම්කිරීමට නියමිතව ඇත

මෙම විශේෂ පුහුණු වැඩසටහනට එක්වන ක්‍රීඩකයින් 23දෙනා පහතින්.

තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුසංක, ළහිරු කුමාර, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, චතුරංග ද සිල්වා.

Rate this item
(0 votes)