April 20, 2024

ඉන්දියාවෙන් තෙවැනි තරගය බේරාගත් ධනංජය, තුන්කොන් තරගාවලියේ මුලික සංචිතයෙන් ඉවත්විමට හේතුව මෙන්න..

December 26, 2017

ඉන්දියාව සමග පැවැත්වු අවසන් ටෙස්ට් තරගයේදි ඇතිවු මස්පිඩු අබාධ තත්වය සුව නොවීම හේතුවෙන් ලබන මස බංගලාදේශයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය සදහා නම් කළ මුලික සංචිතයට ශ‍්‍රී ලංකා පිළේ පිතිකරු ධනංජයද සිල්වා නම්නොකළ බව වාර්තා වෙයි.

පුහුණුවීම් සදහා ධනංජයද සිල්වා පූර්ණ සුවය ලබා නොමැතිබවත් සුවවුවහොත් තරගාවලියේ අවසන් භාගයේ කණ්ඩායම එක් කරගැනීමට අපේක්ෂා කරන බවත් එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

ෆෙරෝස් ෂා කොට්ලා ක‍්‍රීඩාංගනයේදී පැවැති ඉන්දු ශ‍්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කොදුනාරටිය වු ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 119ක් රැස්කරගෙන සිටියදී පාදයේ ඇතිවු මස්පිඩු අබාධයක් හේතුවෙන් තරගයෙන් ඉවත්විය.ශ‍්‍රී ලංකා කණ්ඩායම එම තරගයේ ලකුණු 147කට කඩුලු 05ක් දැවී අසරණ වී සිටින අවස්ථාවේදී රොෂේන් සිල්වා සමගින් එක්ව ධනංජය ගොඩනැගූ සම්බන්ධතාව ඉන්දියානු කන්ඩායමට ලබාගැනීමට තිබු පහසු ජයක් අහිමි කළේය.

කෙසේ වෙතත් ඔහු ඉන්දියානු කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියේ සංචිතයට ඇතුලත්ව සිටි නමුත් පුර්ණ සුවය නොලැබීම හේතුවෙන් අවසානයේ එක්දින තරගාවලියෙන් ද ඉවත්විමට සිදුවිය.

බංගලාදේයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලිය ලබන වසරේ ජනවාරි මස 15වැනිදා ආරම්භ විමට නියමිතව ඇති අතර 27වැනිදා අවසන් විමට නියමිතය.ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මුල්ම තරගය 17වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙයි

තුන්කොන් එක්දින තරගාවලියේ කාල සටහන..

ජනාවාරි 15 – සිම්බාබ්වේ  – බංග්ලාදේශය
ජනවාරි 17 – සිම්බාබ්වේ – ශ්‍රී ලංකාව
ජනවාරි 19 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
ජනවාරි 21 – ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ
ජනවාරි 23 – බංග්ලාදේශය- සිම්බාබ්වේ
ජනවාරි 25 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
ජනවාරි 27 – අවසන් මහ තරගය

Rate this item
(1 Vote)