April 19, 2024

තරංග – කුසල් විස්සයි විස්සෙන් ඉදිරියට එයි..තිසරටත් උසස්වීමක්.

December 26, 2017

ශ‍්‍රී ලංකාව සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ජයගත් ඉන්දිායනු කන්ඩායම අයි.සී.සී විස්සයි විස්ස කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

මුම්බායි ක‍්‍රීඩාංගණයේ පැවැති අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 05කින් ජයගත් ඉන්දියානුු කණ්ඩායම තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ සාර්ථකව නිමා කිරීමට සමත් වු අතර තරගාවලියට පෙර ඉන්දියානු කණ්ඩායම එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ පසුවිය.

ප‍්‍රසාද ලකුණු 88ක් ලබාගෙන තිබෙන ශ‍්‍රී ලංකා කන්ඩායමට එම ලැයිස්තුවේ 08වැනි ස්ථානය හිමිව තිබේ.

ඉන්දියානු කන්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක්(118) ක‍්‍රිඩා කළ ආරම්භක පිතිකරු නායක රෝහිත් ශර්මා තරගාවලියේදීම දස්කම් දක්වමින් ලකුණු 162ක් ලබා ගැනීමට සමත් වු අතර ඒ හේතුවෙන් විස්සයි විස්ස පිතිකරු ලැයිස්තුවේ ස්ථානය 06ක් ඉදිරියට පැමිණෙමින් 14වැනි ස්ථානයට පත්ව ඇත.

ඉන්දියානු කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරුවා වු ලෝකේෂ් රාහුල් තරගාවලියේදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 154ක් ලබා ගැනිමට සමත් වු අතර ඔහු ස්ථාන 23ක් ඉදිරියට පැමිණෙමින් සිව්වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

විස්සයි විස්ස පිතිකරු ලැයිස්තුවේ පෙරමුණේ සිටි විරාත් කෝලි පෞද්ගලික හේතුවක් ශ‍්‍රී ලංකාව සමග පැවැති තරගාවලියට සහභාගී නොවුණු අතර ඒ හේතුවෙන් ඔහු තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔස්ටේ‍්‍රලියානු කන්ඩායමේ ඇරොන් ෆින්ච් පිතිකරු ලැයිස්තුවේ ප‍්‍රථම ස්ථානයත්, බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩක එවින් ලුවිස් දෙවැනි ස්ථානයත් හිමිකරගෙන සිටියි

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවැනි තරගයේදී ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කල කුසල් ජනිත් පෙරේරා තරගාවලිය පුරාම ලකුණු 100ක් ලබාගත් අතර ඔහු ස්ථාන 08ක් ඉදිරියට පැමිණෙමින් 30වැනි ස්ථානයටත් තරගාවලියේ ලකුණු 81ක් රැුස් කළ උපුල් තරංග ස්ථාන 36ක් ඉදිරියට පැමිණෙමින් 105වන ස්ථානයට පත්ව ඇත.

විස්සයි විස්ස පන්දුයැවීමේ ලැයිස්තුවේ ප‍්‍රථම ස්ථානයේ සිටි ජස්ප‍්‍රීත් බුම්රා පළමු හා දෙවන තරගයේදී කඩුලු ලබාගැනිමට අසමත් වීමත් හා තෙවැනි තරගය ක‍්‍රිඩා නොකිරීමත් හේතුවෙන් තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර පළමු ස්ථානය පාකිස්තානු දග පන්දු යවන ක‍්‍රිඩක ඉමාඩ් වසීම් හා දෙවැනි ස්ථානය ඇෆ්ගනිස්තානු දග පන්දු යවන ක‍්‍රීඩක රෂීඩ් ඛාන් හිමිකරගෙන ඇත.

පාදග පන්දු යවන යුෂ්වේනද‍්‍ර චහාල් තරගාවලියේදී කඩුලු 08ක් දවාගෙන දස්කම් දැක්වීමට සමත් වු අතර ඔහු ස්ථාන 14ක් ඉදිරියට පැමිණෙමින් 16වැනි ස්ථානයට හිමිකරගෙන ඇත.විස්සයි විස්ස තරගාවලියේදී කඩුලු 06බැගින් ලබාගත් හර්දීක් පාන්ඩ්‍යා ස්ථානය 40ක් ඉදිරියට පැමිණෙමින් 39වැනි ස්ථානයත් කුල්දීප් යාදව් ස්ථාන 48ක් ඉදිරියට පැමිණෙමින් 64වැනි ස්ථානයත් හිමිකරගෙන ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දුයැවීමේ ලැයිස්තුවේ ස්ථාන 02ක් ඉදිරියට පැමිණෙමින් 70වැනි ස්ථානයට පත්ව ඇත

Rate this item
(0 votes)