April 20, 2024

‘උපුල්’ ඇතුළු ක‍්‍රීඩකයින් තිදෙනෙකුට ඉන්දියාවේ සුපිරි ක‍්‍රිඩක ‘දෝනි’ගෙන් වටිනා උපදෙසක්.

December 26, 2017

ටෙස්ට් තරග 03කින් එක්දින තරග 03කින් හා විස්සයි විස්ස තරගය තුනකින් සමන්විත වු ඉන්දිායනු සංචාරයේදී ශ‍්‍රි ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකි වූයේ එක්දින තරගයක් පමණි. අමිහිරි මතක රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වූ එම තරගාවලියේ කොල්කටාහි පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දීය කණ්ඩායම යම් තර්ජනයකට ලක් කළද දෙවැනි ටෙස්ට් තරගයේ එම ග්‍රහණයෙන් මිදී වාර්තාගත ජයක් ලබා ගැනීමට ඉන්දියානුවෝ සමත් වූහ. ධර්මසාලාහි පැවති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්ෂතා අතරට පිවිසියද අනෙකුත් තරගයන්හිදී එතරම් දක්ෂතා අතරට පැමිණීමට සමත් නොවිණි.

ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ දුර්වලතාව සුපුරුදු පරිදි ඉස්මතු වූ මෙම තරග සංචාරයේ ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙසත් එක්දින තරගාවලිය 2- 1ක් ලෙසත් ඉන්දියානුවෝ ජය වාර්තා කළහ.

දිනේෂ් කාර්තික් (18*) හා මහේන්ද‍්‍ර සිං දෝනි (16*) නොදැවුණු ඉනිමක් ක‍්‍රීඩා කරමින් ඉන්දු – ශ‍්‍රී ලංකා තෙවැනි විස්සයි විස්ස තරගය ද ජයග‍්‍රහණය කරා රැගෙන ගියේ සිංහ පිළට විස්සයි විස්ස තරගාවලියේ පූර්ණ තරගාවලිය සුද්දයක් දෙමිනි.එහිදී හිටපු නායක දෝනි බැක්වඩ් ස්ක්වයා ලෙග් ප‍්‍රදේශයට අලංකාර හතරේ පහරක් එල්ල කරමින් තරගයේ ජයග‍්‍රහාහී ලකුණු රැස්කළේ පේ‍්‍රක්ෂකියින් ප‍්‍රීතියෙන් අමන්දානන්දයට පත්කරමිනි.

කෙසේ වෙතත් එම තරගයෙන් පසු දෝනි කළ සුවිශේෂි ක‍්‍රියාවක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

එම මාධ්‍ය වාර්තා කරන්නේ අවසන් තරගයෙන් අනතුරුව ඉන්දියානු ක‍්‍රිඩකයින් ජයග‍්‍රහණය සමරමින් සිටින අවස්ථාවේදී ඉන්දියාවේ සුපිරි පිතිකරු හිටපු නායක දෝනි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රිඩකයින් කිහිපදෙනෙකුට පිතිකරණ ඉරියව් පිළිබදව උපදෙස් ලබාදුන් බවයි.

හිටපු නායක දෝනි මෙලෙස උපුල් තරංග, සදීර සමරවික‍්‍රම හා අකිල ධනංජය සමග සුහද කතාබවහ නිරතව ඇති අතර දෝනිගේ අංගචලන වලින් ඔවුන්ට පිතිකරණය සදහා අවශ්‍ය යම් උපදෙස් ලබාදුන් බවට විදෙස් මාධ්‍ය අනුමාන කරයි.

දෝනිගේ එම වටිනා උපදෙස් වලින් පසු උපුල් තරංග පහරවල් එල්ල කරන අකාරය දෝනි ඉදිරියේ පෙන්නුම් කර ඇති බවත් දෝනි ලබාදුන් එම උපදෙස් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් ගුරුවරයකුට ඇහුම්කන් දෙන ළමයින් මෙන් අසාගෙන සිටි බවත් එම වාර්තා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියි.

Rate this item
(1 Vote)