April 20, 2024

කුසල් යළි කණ්ඩායමට.. අද තරගයට ක‍්‍රිඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්න..

December 20, 2017

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුතු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලිය කටක් හිදී අද (20) ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වූ එක්දින තරග තුනෙන් දෙකක් පරාජයට පත්ව මෙම තරගාවලිය සඳහා අවතීර්ණ වෙයි.

වර්ෂ 2009 සිට මේ දක්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් තරග 11කට ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 7ක ජය ඉන්දීය කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දැනට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 5ක් පවත්වා ඇති අතර, එයින් තරගාවලි 4ක ජය ඉන්දියානුවන් සතුවන විට, ශ්‍රී ලංකාව එක් තරගාවලියක් හෝ ජයග්‍රහණය කර නොමැත. තවද එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. අවසන් වරට පැවැත්වූ විස්සයි විස්ස තරග පහෙන් හතරක්ම ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණි.

ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන අතර, ඔවුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ පසුවෙයි (දෙසැම්බර් 19 වන විට). ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 2965ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 119ක් හිමි කර ගෙනයි. 8 වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 2177ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 91ක් අතැතිවයි. එම නිසා මෙම තරගාවලියේ අවසන් ප්‍රතිඵල මත මෙම ශ්‍රේණිගත කිරීම්වල ද, යම් යම් වෙනස්කම් සිදුවීමට හැකිය.

මේ අතර අද ආරම්භ වන පළමු විස්සයි විස්ස තරගය සදහා ක‍්‍රිඩ කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම පිළිබදව ඉන්දියානු වෙඩ් අඩවියක් අදහස් දක්වා ඇත.

එම වෙඩ් අඩවියට අනුව එක්දින තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වු කුසල් ජනිත් පෙරේරා හට හෙට තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවී ඇත.

හෙට තරගයට ක‍්‍රීඩා කළ හැකි කණ්ඩායම..

තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා,නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, දසුන් ශානක, අකිල ධනංජය, නුවන් ප‍්‍රදීප් , දුෂ්මන්ත චමීර

විස්සයි – විස්ස තරග කාලසටහන..

පළමු තරගය – දෙසැම්බර් 20 කටක් හිදී
දෙවන තරගය – දෙසැම්බර් 22 ඉන්දොරේ හිදී
තෙවන තරගය – දෙසැම්බර් 24 – මුම්බායි හිදී

Rate this item
(0 votes)