March 29, 2024

T 20 තරඟ වලින් විවේක ගන්වනවා කියූ බලධාරීන්ට මාලිංගගෙන් අපුරු ප්‍රතිචාරයක්…..

December 19, 2017

ශ්‍රී ලංකාවේ අංක එකේ වේග පන්දු යවන්නකු වූ ලසිත් මාලිංගට වර්තමානයේ කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පවසන්නේ ඉන්දියානු සංචාරයේදී ඔහුට විවේකයක්‌ ලබා දුන් බවය.මේ ගෙවී යමින් තිබෙන්නේ මාලිංගගේ ක්‍රිකට් දිවියේ නරක කාලයක් බව පැහැදිලි වන්නේ ඔහු ආභාදයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි පසු සහභාගී වූ තරඟ වල අපට දක්නට ලැබුනේ සුපුරුදු මාලිංග නොවන අතර සිම්බාබ්වේ පිතිකරුවන් පවා මාලිංගට අපහසුවකින් තොරව පිතිහරම්බයේ යෙදෙන අකාරය දැකගත හැකි විය.

IPL තරඟාවලියේද සුපුරුදු දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම මත ජාතික කණ්ඩායම තරම් ආදරය කල මුම්බායි ඉන්දියන්ස් බලධාරීන්ද මාලිංගට කුඩම්මාගේ සැලකිලි දක්වමින් ඔහු කණ්ඩායමේ ස්ථිර ක්‍රීඩකයන්ගේ ගිවිසුමෙන් ඉවත් කර දමා ඇත.

BPL තරඟාවලියට සහභාගී වූ මාලිංග එතරම් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් නොවූ අතර,වෙනදා ලෝකය පුරා ප්‍රදාන ප්‍රිමියර්ලීග තරඟ වල මුලින්ම නම කියවෙන මාලිංග මෙලෙස පසුබෑම ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීනට දැඩි කණස්සල්ලක් ඇති කිරීමට හේතුවක් වී ඇත.
තමන්ගේ හොඳ කාලයේ ටෙස්ට් ක්‍රිකට් සහ පළමුපෙළ තරඟ අත්හැර දැමු මාලිංග නැවත මුලට ගිය බවක් පසුගියදා අසන්නට ලැබිණි,ඒ එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරගවලට පමණක්‌ ක්‍රීඩා කරන ලසිත් මාලිංග ඉකුත් සති අන්තයේදී පළමු පෙළ සිව්දින ක්‍රිකට්‌ තරගවලට සහභාගි වීම කැපී පෙනෙන සිදුවීමක්‌ විය.

එන්.සී.සී. කණ්‌ඩායම නියෝජනය කරමින් ලසිත් මාලිංග ටැමිල් යුනියන් කණ්‌ඩායම සමඟ පැවැති තරගය ක්‍රීඩා කරමින් ඉනිම දෙකේදීම පන්දු ඕවර දහයක්‌ යවා තිබේ. පළමු ඉනිමේදී ඔහු පන්දු ඕවර අටක්‌ යවමින් ලකුණු 24 කට කඩුලු 2 ක්‌ දවා ගත්තේය. 2010 වසරේදී ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ වලින් සමුගැනීමෙන් පසු මාලිංග සහභාගි වූ පළමු පෙළ ප්‍රථම ටෙස්‌ට්‌ තරගය ද මෙය විය. මාලිංග පළමු පෙළ තරග 84 කදී කඩුලු 585 ක්‌ දවා ගෙන ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් T20 තරඟාවලියෙන් මාලිංග විවේක ගන්වනවා කියූ කථාවට මාලිංග ප්‍රතිචාර දක්වා තිබෙන්නේ මෙලෙසය.

Rate this item
(10 votes)