March 29, 2024

' කුසල් මෙන්ඩිස් ' ගෙන් හයේ පහර 05ක් සමගින් දැවැන්ත ශතකයක් ..

December 18, 2017

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති සී.සී.සී සහ මූවර්ස් කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (17 වැනිදා) අවසන්විය. ලකුණු අතරට නොපැමිණයේ යැයි පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කළ කුසල් මෙන්ඩිස් මූවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 177 ක් රැස්කිරීමට සමත්විය.

මූවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ප්‍රිමෝෂ් පෙරේරා (121) ශතකයක් ලබාගත් අතර තරිඳු රත්නායක කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය..

ජය පරාජයකින් තොරව නිමාවුණු මෙම තරගයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ කුසල් මෙන්ඩිස් වාර්තා කළ විශිෂ්ට ශතකයයි. මුවර්ස් කණ්ඩායම තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 444ට පිළිතුරු ලෙස CCC කණ්ඩායමට ලකුණු 388ක් රැස්කර ගැනීමට උපකාරී වූයේ ඔහු පෙන්වූ මෙම සාර්ථකත්වයයි. කුසල් අද පන්දු 278කට මුහුණ දෙමින් ලකුණු 177ක් රැස් කර ගත්තේ හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟිනි.

පසුගිය මාස කිහිපයේ දී ජාත්‍යන්තර පිටියේ දී තරමක් පසුබෑමකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් මේ ආකාරයෙන් නැවතත් ලකුණු අතරට පිවිසීම ශ්‍රී ලංකා පිළේ සැනසිල්ලට හේතුවනු ඇත. කුසල්ට අමතරව මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස්කළ ප්‍රිමෝශ් පෙරේරා සහ ඉනිමක කඩුලු 5ක් දවාගත් තරිඳු රත්නායක තරගය තුල හොඳින් දස්කම් දැක්වූහ.

මුවර්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 444 (පන්දුවාර 118.5): ප්‍රිමෝශ් පෙරේරා 121, ශානුක දුලාජ් 62*, චාමර සිල්වා 58, සහන් විජේරත්න 45, ඉරෝෂ් සමරසූරිය 41, පබසර වඩුගේ 32, ලක්ෂාන් සඳකැන් 2/100.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 388 (පන්දුවාර 101.4): කුසල් මෙන්ඩිස් 177, කවීන් බණ්ඩාර 60, අශාන් ප්‍රියන්ජන් 53, මලින්ද වර්ණපුර 39, තරිඳු රත්නායක 5/118, ශිරාන් ප්‍රනාන්දු 3/98.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 26 (පන්දුවාර 8)

ඊයේ අවසන්වූ තරග අතරින් එන්.සී.සී. සහ එස්.එස්.සී. කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූ අතර මූවර්ස්, රාගම සහ වරාය අධිකාරිය යන කණ්ඩායම් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

ඊයේ අවසන්වූ තරග වලදී එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ශම්මු අශාන් (107) සහ මිලින්ද සිරිවර්ධන (නොදැවී 137) ශතක රැස්කිරීමට සමත්වූහ.

ද්‍රවිඩ සංගම් පිලේ ප්‍රමෝද් ලියනගමගේ, එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ලසිත් ඇඹුල්දෙණිය, බී.ආර්.සී. ක්‍රීඩා සමාජයේ සුරාජ් රංදීව්, , බී.ආර්.සී. ක්‍රීඩා සමාජයේ හිමේෂ් රාමනායක, මූවර්ස් ක්‍රීඩා සමාජයේ තරිඳු රත්නායක, කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ නිසල තාරක කඩුලු 5 බැගින් දවාගැනීමට සමත්වූහ.

සිංහල ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය..

සිංහල ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක් හිමිවුණු මෙම තරගයේ දී සුපිරි වීරයින් දෙදෙනෙකු බිහි විය. ඒ SSC මුල් ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 137ක් ලබාගත් මිලින්ද සිරිවර්ධන සහ තවත් ශතකයක් ලබාගත් ශම්මු අශානුයි. මොවුන් දෙදෙනාගේ සාර්ථකත්වය නිසා SSC කණ්ඩායමට තම මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 4කට ලකුණු 444ක් රැස්කර ගැනීමට ද හැකි විය.

අසාර්ථක සැරසන්ස් ප්‍රථම ඉනිම වෙනුවෙන් හර්ෂ කුරේ ලකුණු 90ක් රැස් කළ ද ඔවුන්ගේ ඉනිම ලකුණු 238 දී නිමාව දිටීය. එබැවින් ඔවුන්ට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමේ අවමානයට ද මුහුණ පෑමට සිදු විය. එහි දී සැරසන්ස් පිතිකරුවන් ලකුණු 258කට සීමාවීමත් සමඟ SSC කණ්ඩායම වේගවත් පිතිකරණයක නිරත වෙමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූහ. නැවතත් ලකුණු අතරට පිවිසි ශම්මු අශාන් නොදැවී ලකුණු 31ක් රැස් කළේය.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 444 (පන්දුවාර 94): ශම්මු අශාන් 107, මිලින්ද සිරිවර්ධන 137*, දිමුත් කරුණාරත්න 83, කෞෂාල් සිල්වා 42, කවිඳු කුලසේකර 39*, චතුර රන්දුනු 1/71.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 238 (පන්දුවාර 61): හර්ෂ කුරේ 90, ඇන්ඩි සොලමන්ස් 27, මින්හාජ් ජලීල් 25, සචිත්‍ර පෙරේරා 33, ධම්මික ප්‍රසාද් 4/66, විමුක්ති පෙරේරා 2/45, ජෙෆ්රි වැන්ඩර්සේ 2/80.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 258 (පන්දුවාර 71.3): මින්හාජ් ජලීල් 58, ගමිඳු කණිෂ්ක 42, ප්‍රමෝද් මධුවන්ත 63, රිස්වාන් හයිඩර් 33, ජෙෆ්රි වැන්ඩර්සේ 4/72, මිලින්ද සිරිවර්ධන 2/48.
සිංහල ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 55 (පන්දුවාර 6.4): ශම්මු අශාන් 31*.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ NCC අතර තරගය..

NCC කණ්ඩායමට කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවුණු මෙම තරගයේ වැඩි වශයෙන් කැපී පෙනුනේ ලසිත් ඇඹුල්දෙණියගේ සහ තරිඳු කෞෂාල්ගේ දඟ පන්දුකරණයයි. මුලින් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් පිළ ලකුණු 117කට සීමා කරමින් NCC කණ්ඩායම ලකුණු 234ක් රැස්කර ගැනීමට සමත් වූයේ තරග ජයක් සඳහා පසුබිම සාදා ගනිමිනි.

ඉන් අනතුරුව දෙවැනි ඉනිමේ දී ටැමිල් යූනියන් පිළ ලකුණු 221කට නතර කළ NCC කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 105ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගත්හ. ඒ වෙනුවෙන් සඳුන් වීරක්කොඩි සහ ලහිරු උදාර නොදැවී අර්ධ ශතක වාර්තා කළහ. පන්දු යැවීමේ දී චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 7ක් ද, දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල් කඩුලු 6ක් ද දවා ගත්හ.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 117 (පන්දුවාර 38.3): මනෝජ් සරත්චන්ද්‍ර 33, තරිඳු කෞෂාල් 2/19, චාමික කරුණාරත්න 2/19, ලහිරු කුමාර 2/21, ලසිත් ඇඹුල්දෙණිය 2/25.

NCC ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 234 (පන්දුවාර 75): ලහිරු උදාර 45, මහේල උඩවත්ත 38, සඳුන් වීරක්කොඩි 34, මාලිංග අමරසිංහ 29, ප්‍රමෝද් මදුෂාන් 5/69.

ටැමිල් යූනියන් (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 67.1): දිනෙත් තිමෝද්‍ය 71, ජීවන් මෙන්ඩිස් 67, ලසිත් ඇඹුල්දෙණිය 5/55, තරිඳු කෞෂාල් 4/86.

NCC ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 105 (පන්දුවාර 10.5): සඳුන් වීරක්කොඩි 52*, ලහිරු උදාර 51*.

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගය..

දෙපිළේම ක්‍රීඩකයින්ගේ දස්කම් එක ලෙස නිරූපණය වූ මෙම තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. එහි දී වරාය අධිකාරියේ ඇරයුමට අනුව මුලින් පිත්ත හැසිරවූ යුධ හමුදා පිළ ලකුණු 224ක් රැස් කළහ. ඊට පිළිතුරු ලෙස වරාය අධිකාරිය ලබාගත් ලකුණු 272 වෙනුවෙන් යොහාන් ද සිල්වාගෙන් ලකුණු 76ක් එක්විය. තරගය නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි යුධ හමුදා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 143ක් ලබා සිටියහ.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 224 (පන්දුවාර 98): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 57, කසුන් ද සිල්වා 40, නවෝද් ඉලුක්වත්ත 27, දුශාන් විමුක්ති 27, චානක කොමසාරු 3/28, අදීල් මලික් 2/30, මදූක ලියනපතිරණගේ 2/43.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – සියල්ලන්ම දැවී ලකුණු 272 (පන්දුවාර 85.3): යොහාන් ද සිල්වා 76, ප්‍රශාන් වික්‍රමසිංහ 61, අදීල් මලික් 29, යශෝධ ලංකා 26, නුවන් ලියනපතිරණ 3/72, ලක්ශාන් මදුශංක 2/32, සංජික රිද්ම 2/13.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 143 (පන්දුවාර 43): කසුන් ද සිල්වා 46*, රනේශ් පෙරේරා 1/10.

රාගම ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය..

මෙම තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත් වූවත් තරගයේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමිවූයේ රාගම ක්‍රිකට් සමාජයටයි. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් රාගම පිතිකරුවන් රිසිසේ ලකුණු අතරට පිවිසෙමින් කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 401ක් වාර්තා කළහ. ඒ වෙනුවෙන් සමීර සොයිසා ලකුණු 86ක් රැස් කරද්දී නිසල තාරක කඩුලු 5ක හිමිකරු බවට පත්විය. කෝල්ට්ස් කණ්ඩායමේ පිලිතුරු ඉනිම ලකුණු 190කට නිමා කිරීමට ද ප්‍රබල රාගම කණ්ඩායමට හැකිවිය.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 401 (පන්දුවාර 106.1): සමීර ද සොයිසා 86, සමින්ද ප්‍රනාන්දු 55, ඉශාන් ජයරත්න 62, ජනිත් ලියනගේ 51, ලහිරු මිලන්ත 33, රොෂේන් සිල්වා 36, නිසල තාරක 5/110, කවිෂ්ක අන්ජුල 2/82.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 60.3): අවිශ්ක ප්‍රනාන්දු 30, ඇන්ජෙලෝ ජයසිංහ 24, කවිශ්ක අන්ජුල 24, අමිල අපොන්සු 4/47, චතුර පීරිස් 2/25.

Rate this item
(0 votes)