April 25, 2024

අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාවට ලෝක ශුරතාවයක් රැගෙන එයි..

December 18, 2017

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හී පැවති 2017 ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ලෝක ශූරතාවලියේ ශුරතාවය දිනාගැනීමට අජන්ත මෙන්ඩිස් නායකත්වය දැරූ ශ්‍රී ලංකා කණ්ඩායම  සමත් විය.

 අවසන් තරඟය පැවතියේ වෙනොරා ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාවේ රෙබෙල්ස් කණ්ඩායම අතරය.තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම පන්දුවාර 20 තුල ලකුණු 201/7 දැවී ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ලක්ෂ එදිරිසිංහ පන්දු 32ක් තුල නොදැවී ලකුණු 70ක් ලබාගත් අතර නායක අජන්ත මෙන්ඩිස් පන්දු 25ක් තුල ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 202 හඹා ගිය රෙබෙල්ස් කණ්ඩායමට තම පන්දුවාර 20 තුල ලබාගත හැකි වුයේ 116/6 පමණක් වන අතර ඩැනියල් පොල්ටන් නොදැවී ලකුණු 54ක් ලබාගත් අතර පන්දු යැවීමේදී නුවන් රත්නායක සහ ජනක සම්පත් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම තරඟය ලකුණු 86ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි දඟ පන්දු යවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් සමත් වූ අතර තරඟාවලිය පුරා මෙන්ඩිස් පන්දු යවන්නෙකු සහ පිතිකරුවෙකු ලෙසද ඉතා සුපිරි හැකියාවන් පෙන්වීමට සමත් විය.

අදාළ ලෝක කුසලාන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ශූරතාවයේ ශූරතාව දිනූ කණ්‌ඩායම සහ තවත් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබූ අතර සාමාන්‍ය ක්‍රිකට්‌ නීති රීතිවලට වඩා වෙනස්‌කම් වලින් යුත් මෙම ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ආකෘතියට ලොව ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයන් රාශියක්‌ම සහභාගි විය.

කණ්‌ඩායම් 48 ක්‌ මෙම තරගාවලිය නියෝජනය කරන අවසන් පිතිකරුවාටද පන්දුවට පහරදිය හැකි ලෙස මෙම ක්‍රිකට්‌ තරග ආකෘතිය සකස්‌ කර ඇති අතර පන්දුවාර විස්‌සේ තරග ලෙස තරගාවලිය ක්‍රියාත්මක විය.

වෙනෝරා ශ්‍රී ලංකා ලාස්‌ට්‌ මෑන් කණ්‌ඩායම

අජන්ත මෙන්ඩිස්‌ (නායක), ලක්‌ෂිත මධුෂාන්, හෂාන් රන්දික, ජනිත් චතුරංග, ලක්‌ෂ එදිරිසිංහ, හිමාෂ ලියනගේ, නුවන්ත රත්නායක, ජනක සම්පත්, ප්‍රභාත් ජයවර්ධන

Rate this item
(0 votes)