April 20, 2024

‘තරඟ දිනුවත් ඉන්දියාව ඇත්තටම පරාදයි’..ඉන්දියානු මාධ්‍ය ඉන්දියාවට දෙහි කපද්දී ‘ගංගුලී’ ශ‍්‍රී ලංකා පන්දුයවන්නන්ට කියපු කතාව මෙන්න

December 15, 2017

ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරඟාවලිය තරඟ 1-0 ලෙස ඉන්දීය කණ්ඩායම ජයගත් අතර තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව ඉතිහාසයේ පරාජයට පත්වූ දරුණුම අකාරයෙන් පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟාවලියේ පරාජයට පත් වුවද පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් හමුවේ විශේෂයෙන් සුරංග ලක්මාල් හමුවේ ඉන්දීය පිතිකරුවන් අසරණ වූ අකාරය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීනටද කිසිදා අමතක නොවනු ඇත.

තෙවන තරඟයේ විෂ දුම සමඟ සටන් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දීය බිමේ ඉන්දියාවට එරෙහිව පෙන්වූ සටන්කාමී ක්‍රීඩා විලාශයද මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාවට මිහිරි මතකයකි.

ටෙස්ට් තරඟාවලිය පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව එක්දින තරඟ තුනකින් යුතු එක්දින තරඟාවලියට මුහුණ දෙමින් සිටින අතර අළුත් නායකයෙකු සහ අලුත් කණ්ඩායම් දෙකක් සමඟ ආරම්භ වූ මෙම තරඟාවලියේ පළමු එක්දින තරඟය නැවත ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වුණේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් හමුවේ ඉතා ලජ්ජා සහගත ලෙස අසරණ වීමෙනි,අත්දැකීම් බහුල දෝණි නොවන්නට එම තරඟය ක්‍රිකට් වාර්ථාපොත අලුත්වන තරඟයක් වන්නටද තිබුනේ ඉන්දියාව ඉතිහාසයේ දැවී ගිය අඩුම ලකුණු සංක්‍යාවට දැවී යාමෙනි.

පලමු එක්දින තරඟයේ ජය ලැබුනද දෙවැනි තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුනේ දරුණු පරාජයකි.මෙම පරාජය ශ්‍රී ලංකා පිතිකරුවන් සහ පන්දු යවන්නන් වගකීම බාරගත යුතු වන්නේ පිතිකරුවන්ගේ අවශ්‍ය දායකත්වය නොලැබුණා සේම ශ්‍රී ලංකා පන්දු යවන්නන් පහර වදිද්දී තම පාලනය නිසි පරිදි පවත්වා ගැනීමට අසමත් වීම නිසාය.

ඉන්දියාව ලබන මෙම ජයග්‍රහණ ගැන උදම් ඇණිය යුතු නැති බව ඉන්දීය වෙබ් අඩවියක් වන ක්‍රිකට් එජ් වෙබ් අඩවිය හේතු සහගත ලෙස පෙන්වා දෙන්නේ ඉන්දියාව තරඟාවලිය ආරම්භයේ පැවසු දේ මේ වනවිට බොරු වී ඇති බව පෙන්වා දෙමිනි.

එම වෙබ් අඩවියට අනුව ඉන්දියාව මෙම තරඟාවලිය හැදින්වුවේ ලබන වසරේ ආරම්භයේ පැවැත්වෙන දකුණු අප්‍රිකා සංචාරයට පෙරහුරු තරඟාවලියක් ලෙසය.තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයට වේගවත් තණතිල්ලක් ලබාදෙන ඉන්දියා කණ්ඩායම තරඟයට පෙර පැවසුවේ ඉන්දීය වේගපන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකාව අසරණ විය හැකි බවත් ඉන්දීය පිතිකරුවන්ට දකුණු අප්‍රිකා තරඟාවලියට හොඳ පෙරහුරුවක් මෙම තරඟාවලිය තුල ලැබිය හැකි බවත්ය.

නමුත් පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් හමුවේ ඉන්දීය පිතිකරුවන් අසරණ වීම සමඟ ඉන්දියාව ඉතිරි තරඟ දෙකටම ලබාදෙන්නේ ඉන්දියාවට සුපුරුදු පිතිකරුවන්ගේ තණතිලි වන අතර ඉන් පසුව නැවත ටෙස්ට් තරඟාවලියේ දකුණු අප්‍රිකා තරඟාවලිය ගැන කතාවක් ඇසෙන්නේ නැත.

ඉන්පසු එක්දින තරඟාවලිය ආරම්භයට නැවතත් පරණ කතාව මතක් කරන ඉන්දීය බලධාරීන් පවසන්නේ දකුණු අප්‍රිකා සංචාරය ඉලක්ක කර වේගවත් තණතිලි මෙම තරඟාවලියට ලබාදෙන බවය.ඒ අනුව පළමු තරඟයට වේගවත් තණතිල්ලක් ලබාදෙන ඉන්දියාව එම තරඟයේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් හමුවේ අසරණ වීම සමඟ දෙවන තරඟයට ලබා දෙන්නේ නැවත පන්දු යවන්නන්ට සහය නොදක්වන පිතිකරුවන්ගේ තණතිල්ලකි.

එම වෙබ් අඩවිය පවසන අන්දමට මෙලෙස එක තරඟයක පරාජය තුලින් තම සැලසුම් වෙනස් කර ගැනීමට තරම් ශ්‍රී ලංකාවට බය වන්නේ නම් ඉදිරි දකුණු අප්‍රිකා තරඟාවලියේ කුමක් සිදුවේද යන්න සිතාගත නොහැකි බවය.

මේ අතර ඉන්දියානු කණ්ඩායමේ හිටපු නායකයකු වන සෞරව් ගංගුලී දෙවැනි එක්දින තරගයේදී රෝහිත් ශර්මා දියත් කළ ප‍්‍රහාරාත්මක පිතිහරඹය පිළිබදව අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා පන්දුයවන්නන් පිළිබදව තමන්ට කණගාටුදායක බවයි.

‘මුලින් සචින් හා ශෙවාග්..දැන් රෝහිත්..ඇත්තටම ඒක විශිෂ්ට ඉනිමක්..ඔහු දෙවැනි ශතකය පන්දු 36කින් රැස් කළා.මම ඒ වෙලාවේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයවන්නන් දිහා බලාගෙන හිටියා..මට ශ‍්‍රී ලංකා පන්දුයවන්නන් ගැන කණගාටුදායකයි..ද්විත්ව ශතක තුනක්.ඔහු විශිෂ්ට පිතිකරුවෙක්’ යැයි ගංගුලී පවසා ඇත

Rate this item
(2 votes)