April 19, 2024

තීරණාත්මක තරගයේ තිසර පන්දුව අතට ගනියි ..

December 13, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කන්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මොහාලි හිදි අද පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගය තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලු 07කින් ජයගෙන සිටින ශ‍්‍රී ලංකා කන්ඩායම ඉන්දියානු බිමේදී එක්දින තරගාවලියක් ජයගැනිමේ අරමුණෙන් පිටියට පිවිසෙයි.

දෙවන තරගයේ කාසිය වාසිය උරගා බැලීම සිදුවුණු අතර එහිදී කාසිය වාසිය දිනු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු කර නොමැති අතර පළමු තරගයට ක‍්‍රීඩා කළ කණ්ඩායම ක‍්‍රීඩා කරයි

ඉන්දියානු කන්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර ඇති අතර දග පන්දුයවන ක‍්‍රීඩක කුල්දීප් යාදව් වෙනුවට තුන්ඉරියව් ක‍්‍රීඩක වොෂින්ටන් සුන්දර් කන්ඩායමට කැදවා ඇත

India (Playing XI): Rohit Sharma(c), Shikhar Dhawan, Shreyas Iyer, Dinesh Karthik, Manish Pandey, MS Dhoni(w), Hardik Pandya, Washington Sundar, Bhuvneshwar Kumar, Jasprit Bumrah, Yuzvendra Chahal

Sri Lanka (Playing XI): Upul Tharanga, Danushka Gunathilaka, Lahiru Thirimanne, Angelo Mathews, Asela Gunaratne, Niroshan Dickwella(w), Thisara Perera(c), Sachith Pathirana, Suranga Lakmal, Akila Dananjaya, Nuwan Pradeep

Rate this item
(0 votes)