April 24, 2024

සටන්කාමී ටෙස්ට් ඉනිමක් ක‍්‍රීඩා කළ ධනංජය එක්දින සංචිතයෙන් ඉවතට ..

December 12, 2017

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු ධනංජය සිල්වා හට ඉන්දියානු කන්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේදී ඇතිවු මස්පිඩු අබාධ තත්වය සුව නොවීම හේතුවෙන්..

අබාධ තත්වය හේතුවෙන් ඉන්දියානු කණ්ඩායම සමග පැවැති පළමු තරගය ධනංජයට අහිමි වු අතර එම තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකා කන්ඩායම සමත් විය.

බටහිර ඒ කොදව් සංචාරයේදී දැක්වු දස්කම් හේතුවෙන් ඉන්දියාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කන්ඩායමට ඇතුළත් වු ධනංජය තෙවැනි තරගයේදී සටන්කාමී ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 119ක් ලබා ගැනීමට සමත්වුවා.

ඉන්දියානු කන්ඩායම සමග පැවැත්වෙන දෙවැනි තරගය හෙට මොහාලි ක‍්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

Rate this item
(0 votes)