April 25, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමට හදිසියේම අකරතැබ්බයක් ..

December 12, 2017

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පසුගිය ඉරිදා නිමාවූ පළමු එක්දින තරඟයෙන් අනතුරුව ධර්මශාලා නුවරින් පිටත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි තත්වයක් උදාවී ඇති බව වාර්තා වෙනවා.

එම වාර්තා වැඩිදුරටත් දක්වන්නේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙම තත්තය උද්ගතවී ඇති බවයි .

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම දෙවන එක්දින තරඟය පැවැත්වෙන මොහාලි නුවරට මේ වන විටත් ලඟා වී අවසන්.

පවතින අයහපත් කාලගුණ තත්වය මත ගුවන් යානා පිටත් වීම ප්‍රමාද වී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම අද දින ධර්මශාලා නුවරින් පිටත්වී මොහාලි වෙත පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

ධර්මශාලා සිට මොහාලි දක්වා ගොඩබිම් මාර්ගයෙන් කිලෝ මීටර් 240ක් 250ක් පමණ දුරක් ඇති අතර එම ගමන සඳහා පැය 8-10 ක් පමණ ගතවනවා.

කෙසේ වෙතත් මෙම තත්වය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නොමැති බවයි එරට මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ.

ධරම්ශාලා හීදී දෙරට අතර පැවති පළමු එක්දින තරඟය කඩුලු 07කින් ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.

Rate this item
(0 votes)