March 29, 2024

ඉන්දියාවට එරෙහි පළමු තරගයට ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්න..

December 08, 2017

ඉන්දිායනු කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පරාජයට පත්වු ශ‍්‍රී ලංකා කන්ඩායම අනිද්දා (10 වැනිදා) ආරම්භ වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ ධර්ම්ශාලා හිදී පැවැත්වෙන පළමු තරගය සදහා ප‍්‍රබල කණ්ඩායමක් නම් කිරීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානු කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති එක්දින තරගාවලිය 5-0 ලෙස පරාජයට පත්වු ශ‍්‍රී ලංකා කණ්ඩායම තිසර පෙරේරාගේ නායකත්වය යටතේ මෙම තරගාවලියට මුහුණු දෙයි.

එම වාර්තා වලට අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස හිටපු නායක උපුල් තරංග හා නිරෝෂන් දික්වැල්ල නම් කර ඇති අතර තරග තහනමක් හේතුවෙන් පාකිස්තානු එක්දින තරගාවලිය අහිමි වු ධනුෂ්ක ගුණතිලක අංක තුන පිතිකරුවා ලෙසින් කණ්ඩායම නම් කර ඇත.

අංක 04 ස්ථානය සදහා යොවුන් පිතිකරු සදීර සමරවික‍්‍රම නම් කර ඇති අතර අවසන් ටෙස්ට් තරගයේදී අබාධයට ලක්වු ධනංජය ද සිල්වාගේ ශාරීරික යෝග්‍යතාවය මත සදීරගේ ස්ථානය තීරණය වනු ඇත.

සදීර ඉන්දියාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී අසාර්ථක පිතිකරණ රටාවක් පෙන්නුම් කිරීම හේතුවෙන් අංක 04 ස්ථානය සදහා වමත් පිතිකරු ළහිරු තිරිමාන්නගේ නමද යෝජනා වී ඇති බව එම වාර්තා වැඩිදුරටත් දක්වයි.

අබාධයක් හේතුවෙන් පාකිස්තානු තරගාවලියට සහභාගී නොවු ඇන්ජලෝ මැතිව්ස් තුන්ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර පසුගිය සමගේ සිංහ පිළේ ගැලවුම්කාරය ලෙස හැදින්වු අසේල ද තුන්ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස කණ්ඩායමට ඇතුළත් කර ඇත.

අසේල ඉන්දියාණු කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරයේදී ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශිකර් ධවාන්ගේ උඩපන්දුයවක් රැක ගැනීමට යාමේදී අතේ අස්ථි බිදීමකට ලක්වු අතර ඉන් පසුව අසේල කණ්ඩායම කැදවූ පළමු අවස්ථාව මෙය වෙයි.

මීට අමතරව කන්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීම සදහා චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී අබාධයට ලක්වු කුසල් ජනිත් පෙරේරා නම් කර ඇත.

වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් හා සුරංග ලක්මාල් වේගපන්දු යවන්නන්ගේ බලඇණිය සවිමත් කිරීමට කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර,කණ්ඩායම එක් කළ එකම දග පන්දුයවන්නා ලෙස අකිල ධනංජය කණ්ඩායමඑට ඇතුළත් කර ඇත.

පළමු තරගය සදහා දග පන්දු යවන්නනට් උචිත තනතීරුවක් සැකසුණහොත් නුවන් ප‍්‍රදීප් වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් දක්වයි

පළමු තරගයට ක‍්‍රීඩා කළ හැකි කණ්ඩායම..

Upul Tharanga, Niroshan Dickwella, Danushka Gunathilaka, Sadeera Samarawickrama, Angelo Mathews, Asela Gunaratne, Kusal Perera, Thisara Perera, Akila Dhananjaya, Suranga Lakmal, Nuwan Pradeep.

Rate this item
(2 votes)