March 29, 2024

සිංහ පිළට ඉන්දියාවේ දී සිදුවු අපහසුතාවයට ඉන්දියාවේ ලොකු පුටු රත්වෙයි ..

December 08, 2017

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර නව දිල්ලි නුවර ෆේරොෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති අවසාන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වායු දුෂණය හේතුවෙන් පීඩාවට පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සූදානම් වෙන බව පුවත් පලවන අතර ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වැඩ බලන සභාපති සී.කේ. ඛන්නා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාට මේ පිළිබඳව කරුණු විමසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකරන ලෙස දන්වා ඇත.

“ 20000 ක් තරගය නැරඹුවා. කාටවත් ගැටලුවක් නෑ. ඉන්දීය කණ්ඩායමත් ගැටලුවකට මුහුණ දුන්නේ නෑ. මම පුදුම වුණා ඇයි ශ්‍රී ලංකාව මේ තරම් කලබල වුණේ කියලා. මේ ගැන මම ලේකම් සමග කතාකරවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකරන්න කිවුවා”

නමුත් ඔහු කුමක් කිව්වද සිව් වන දිනයේ ඉන්දීය ක්‍රීඩකයන්ද අපහසුතාවට පත්වන අකාරය මාද්‍ය මගින් දැකගත හැකිවූ අතර දිල්ලි හිටපු මහ ඇමතිනිය වූ ශේයිලි ඩික්සිට් පවසා ඇත්තේ ෆෙරාශ්ලා කොට්ලා ක්‍රීඩාංගනය මේ කාලයේ ජාත්‍යන්තර තරඟ සඳහා සුදුසු තත්වයක නැති බවය.

“මේක හරිම කනගාටුදායක තත්වයක් මේ තත්වය දැන් කාලෙක ඉදල තියන ලොකු අර්බුදයක් ,මෙහෙ ජනගහනය වැඩි වීමත් එක්ක ඉදිකිරීම් වැඩි වීමත් එක්ක වාහන දුමත් එකතු වුනාම මේ කාලෙට මේ ක්‍රීඩාංගනය ක්‍රිකට් තරඟ තියන්න හොඳ තැනක් නෙවෙයි.

ඉන්දියාවේ දැන් ක්‍රිකට් පාලනය කරන අයනම් කියන්නේ ප්‍රේක්ෂකයෝ 20000 ප්‍රශ්නයක් නැතුව තරඟය නරඹනවනම් ඇයි ක්‍රීඩකයන්ට ප්‍රශ්නයක් වෙන්නේ කියල.එයාලට තේරෙන්නේ නෑ සාමාන්‍ය අයට වඩා ක්‍රීඩකයන්ට හොඳ වාතය අවශ්‍යයි කියන දේ.”

“මේ ප්‍රශ්නය අද ඊයෙක ආපු දෙයක් නෙවෙයි.1998 වසරේත් තිබුනා.ඒ කාලේ රජය කලේ මිනිස්සුන්ට මුහුණු ආවරණ පළදින්න කියල.මම මේ ප්‍රශ්නය අඩු කරන්න තීරණ කීපයක්ම ගත්ත අවාසනාවට නැවතත් මේ ප්‍රශ්නය දරුණු වෙලා තියනවා.අපි කරන්න ඕන අපෙන් වුන වරද වහන එක නෙවෙයි නැවත මේ වරද නොවෙන්න වැඩ හදන එක.”

මේ අතර ඉන්දියාවේ දිල්ලි නුවර පවතින අධික දුමාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විඳින්නට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ICC ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉදිරියේදී දිල්ලියේ කොට්ලා ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරඟ නොපවත්වන බවට ICC ය තීරණය කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවයි.

කෙසේ වුවත් වායු දූෂණය ඉහළ මට්ටමක පවතින මෙවැනි කාලවල දිල්ලි නුවර තරග සංවිධානය කිරීම පිළිබඳව මින් ඉදිරියට ජාත්‍යන්තර තරග සංවිධානය කිරීමේදී ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි ද විශ්වාස කෙරේ.

අධික දුමාරය හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිල්ලි අගනුවර පැවති තුන්වෙනි ටෙස්ට් තරගය වරින්වර නවතා දැමීමට සිදුවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට සහ විවාදයකට තුඩු දී තිබිණ.

සත්කාරක නගරයේ වායු දූෂණය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වරින්වර නැවැත්වීමට සිදු වූ ප්‍රථම අවස්ථාව එය වූ අතර හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉරිදා (දෙසැම්බර් 03) මුඛවාඩම් පැළඳ තරගයට අවතීර්ණ වීම ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයටලක් වී තිබිණ.

එදින ක්‍රීඩකයන් තිදෙනෙකු ක්‍රීඩාගාරයේ දී වමනය කළ බව මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මාධ්‍ය වෙත පවසා තිබිණ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අඟහරුවාදා (දෙසැම්බර් 05) ක්‍රීඩාංගනයේදීම වමනය කිරීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක් වී තිබිණ.

Rate this item
(1 Vote)