March 29, 2024

දිගින් දිගටම අසාර්ථක වුණු තිරිමාන්න ගැන නායක චන්දිමාල්ගෙන් අනාවැකියක්..

December 08, 2017

තරග තුනකින් සමන්විත ශ‍්‍රි ලංකා ඉන්දීය ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස ශ‍්‍රී ලංකාව පරාජයට පත්වුවත් තෙවැනි තරගය විසදුමකින් තොරව අවසන් කරගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර ගැනීමට ශ‍්‍රී ලංකා පිතිකරුවන් ට හැකිවිය.

පරාජයේ පසුබිමක සිටිමින් තෙවැනි තරගය මෙවැනි විශිෂ්ට අයුරින් නිම කරගැනීමට පිළිබදව තම කණ්ඩායමේ පිතිකරුවන්ට සියලු ප‍්‍රශංසා හිමිවිය යුතු බව තෙවැනි තරගය නිමාවීටමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා නායකයා පැවසීය.

”මෙය අපේ පැත්තෙන් බැලුවොත් ඉතාමත් හොද තරගාවලියක්.දෙවැනි තරගය හැර අනෙක් තරග අපි ඉතා හොදින් කළා.දෙවැනි තරගයේ අපි පතුලටම වැටිලා හිටියදීත් ඒ සියලු දේම අමතක කරලා තෙවැනි තරගයේදී අලු ගසා නැගිටීම පිටුපස ඉන්නේ අපේ පිතිකරුවන්.ඔවුන් ඔවුන්ගේ කාර්ය ඉතා හොදින් ඉටු කළ.කොහොම වුණත් තෙවැනි තරගයේදී අපි අපේ ඉලක්කයක් කරා ලගා වුණේ තෙවැනි තරගයට පරෙ පුහුණුවීම් සැසිවලදී අපේ පිතිකරුවන් හොදින් පුහුණු වු නිසයි” යනුවෙන් පැවැසූ ශ‍්‍රී ලංකා නායකනා මේ වන විට දක්ෂතා අතරට පැමිණ ඇති තරුණ ක‍්‍රීඩකයන් සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

”මේ තරගාවලියේදී අපි තරුණ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක් සොයාගත්තා.ඔවුන්ගේ හැකියාවන් ඉහළ මට්ටමක තියෙන කියලා මට හිතෙනවා .ඔවුන් ඔවුන්ගේ හැකියාවන් පෙන්නුවොත් විතරයි අපිට තරගාවලියකට හොදින් පිවිසිය හැකි වන්නේ.ඒ වගේම එවුන් දුර්වලවුණොත් තරගාවලිය හොදින් කරන්න අපිට බැරි වෙනවා.කොහොම වුණත් ධනංජය සිල්වාගේ හා රොෂේන් සිල්වාගේ ඉනිම ඉතා විශිෂ්ටයි.ධනංජයද සිල්වා කොදෙවි ඒ සංචාරයේදී දැක්වු දක්ෂතා මතයි අපි මේ තරගාවලියට යෙදෙව්වේ.ඒ වගේම රොශේන් සිල්වා කියන්නෙත් දේශීය ක‍්‍රිකට් තරගාවලියේදී ලකුණු 6000 ඉක්මවූ අයෙක්.කොහොම උනත් මේ දෙදෙනාගේ දක්ෂතා ඔවුන්ගේ ස්ථාන සුරක්ෂිත කිරීමට හැකි වු නිසා තිරිමාන්නට නැවතත් කණ්ඩායම ඒමට අපහසුවක් විය හැකියි” යනුවෙන්ද ශ‍්‍රී ලංකා නායකයාගේ අදහස් විය.

Rate this item
(0 votes)