April 20, 2024

‘එක්දින තරගවලට මම ආසයි.. ඒ වෙනුවෙන් මම ෆයිට් කරනවා’ – චන්දිමාල්

December 08, 2017

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර ටෙස්ට් තරඟ මාලාව අවසන් වුයේ දෙරට ක්‍රිකට් නායකයන්ගේ වැඩි දක්ෂතා සමඟිනි.මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වුවද ඔහුට ඉන්දියාව සමඟ එළඹෙන එක්දින තරඟමාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්තාවක් හිමිවී නැති අතර එසේ වීමට ආසන්නම හේතුව ලෙස පාකිස්ථාන තරඟාවලියතුල එක්දින තරඟාවලියේ ඔහුගේ දුර්වලතාවය හැදින්විය හැක.

එක්දින කණ්ඩායමේ තැන අහිමිවීම සහ ටෙස්ට් තරඟාවලිය පිළිබඳව ඉන්දියාවේ ක්‍රික්බස් වෙබ් අඩවිය සමඟ පැවති සංවාදයකදී චන්දිමාල් වැදගත් කරුණු කිහිපයක් හෙළි කර ඇත.

එහිදිී චන්දිමාල් පවසා ඇත්තේ ඉදිරියේදී එක්දින කණ්ඩායමට පැමිණිමට හොද සටනක් ඉදිරියේදී ලබා දෙන බවයි

‘එක්‌දින කණ්‌ඩායමට එන්න මගේ අඩුපාඩු ටිකක්‌ තියෙනවලු. මම කොහොමත් එක්‌දින තරගවලට කැමැතියි. ඒ නිසා ඉදිරියේදී තවත් මහන්සි වෙලා වැඩ කරනවා. මේක මට හොඳ අභියෝගයක්‌. හොඳට සටන් කරලා මම කණ්‌ඩායමට නැවතත් එනවා’ යෑයි චන්දිමාල් පැවසීය.

දිනේෂ් චන්දිමාල් එක්‌දින තරග 134 කදී ශතක හතරක්‌ සහ අර්ධ ශතක 21 ක්‌ සමග මුළු ලකුණු 3288 ක්‌ ලබා තිබේ. එහි ඉනිමක සාමාන්‍ය 31.92 ක්‌ වන අතර ප්‍රහාරාත්මක වේගය 74.15 කි. නමුත් චන්දිමාල්ට එක්‌දින කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව ඇත්තේ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය හුවා දක්‌වමිනි.

මීට පෙරද චන්දිමාල්ට එක්‌දින කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිවීමෙන් පසුව ‘මම එක පැත්තක ඉන්න වෙලාවෙ අනිත් පැත්තෙන් කඩුලු දැවී යනවා. එතකොට මට ලොකු පහරවල් ගහන්න බැහැ. එවිට ප්‍රහාරාත්මක වේගය අඩුවෙනවා.’ යෑයි පවසා තිබුණි.

Rate this item
(0 votes)