December 15, 2017

ඉන්දියාවේ ගිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වහාම ආපසු කැදවයි..හේතුව මෙන්න

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමට නියමිත වූ එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊයේ (04) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබිණි.

නමුත්, ඔවුන්ට ගුවන් තොටුපොළ වෙත යාමෙන් පසුව නැවත නිවෙස් බලා යාමට සිදුව තිබිණ.ඒ, එක්දින කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශයේ අවසර නොලැබීම හේතුවෙන්.

මෙරට ක්‍රීඩා නීතියට අනුව ඒ ඒ සංගම්වල තේරීම් කමිටු මගින් තෝරාගන්නා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.මේ තාක් කාලයක් එම ක්‍රියා පටිපාටියට අනුව කණ්ඩායම් නම් කළ ද, එක්දින ක්‍රිකට් කණ්ඩායමට එලෙස අනුමැතියක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන නොමැත.

එක්දින සංචිතය සඳහා අමාත්‍යවරයාගේ අවසරය ලබාගත යුතු වුවත් එසේ අවසරය ලබාගැනීමකින් තොරව මෙම ක්‍රීඩකයන් ඉන්දියාවට පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු තිබූ හෙයින් ඔවුන්ව ආපසු කැඳවීමට අමාත්‍යවරයා කටයුතු කර ඇත.

මේ හේතුවෙන්, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 9 දෙනෙකුට මෙලෙස අපහසුතාවට පත්වීමට සිදුව තිබේ.

තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න , චතුරංග ද සිල්වා, සචිත් පතිරණ , අකිල ධනංජය, දුශ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයෝ ඊයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටියහ.

මෙය ක්‍රිකට් ආයතනය පාර්ශවයෙන් සිදුවූ අඩුපාඩුවක් ලෙස වාර්තා වේ.මේ දක්වා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපොහොසත්ව තිබේ.ශ්‍රී ලංකාව එක්දින තරග තුනකට ඉන්දියාවේදී සහභාගීවීමට නියමිතය.

Rate this item
(0 votes)