March 29, 2024

චන්දි,මාලි කැපුන එක්දින සංචිතය මෙන්න…

December 05, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා ක‍්‍රිඩා කරන 15දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා සංචිතය ඊයේ ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා.

එක්දින තරග 12ක් අඛණ්ඩය පරාජයට පත් වී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ තරග 04ක් ජයගෙන ඇති අතර තරග 21ක් පරාජයට පත්ව ඇත.ඒ හේතුවෙන් එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංගට නායකතව්ය පවා අහිමි වු අතර තිසර පෙරේරා නව නායකයා වශයෙන් පසුගියදා පත්කෙරිණ.

ජුලි මාසයේදී ඉන්දියාව සමග ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී අබාධයට ලක්වු අසේල ගුණරත්න එක්දින කණ්ඩායමට කැදවා ඇති අතර පාකිස්තානු තරගාවලියට සහභාගී නොවු ඇන්ජලෝ මැතිව්ස් ද කණ්ඩායමට නම් කර ඇත.

ඉන්දියාවට එරෙහි මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් පිතිකරණයෙන් දක්ෂතා දැක්වුවත් පසුගිය පාකිස්තානු සංචාරයේදී දැක්වු අසාර්ථක පිතිකරණය හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කර ඇත.එම තරගාවලියේදී තරග 05 තුළ චන්දිමාල් රැුස් කළේ ලකුණු 41ක් පමණි. තවද එම තරගාවලියේදී අසාර්ථක වු චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන හා සීකුගේ ප‍්‍රසන්න කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී අබාධයට ලක්වු කුසල් ජනිත් පෙරේරා බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදි අතෙහි සිදුවු අබාධයක් හේතුවෙන් කණ්ඩායමට නම් කර නොමැත.කුසල් රාන්පුර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් එක් තරගයකට පමණක් ක‍්‍රිඩා කළ අතර එම තරගයේ ලකුණු නොලබාම දැවී ගියහ.

විනය කඩකිරීමට හේතුවෙන් තරග තහනමකට ලක්ව සිටි පාකිස්තානු එක්දින තරගාවලියට ක‍්‍රිඩා නොකළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එක්දින සංචිතයට කැදවා ඇත.මෙම වසරේ තරග 12ක ක‍්‍රිඩා කර ඇති ධනුෂ්කගේ පිතිකරණ සාමාන්‍ය 42.41කි.

වේග පන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල් ,නුවන් ප‍්‍රදීප් හා දුෂ්මන්ත චමීර නම් කර ඇති අතර පාකිස්තානු තරගාවලියට නම් නොකළ ලසිත් මාලිංග ඉන්දියානු සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ

තරගාවලියේ ප‍්‍රථම තරගය දෙසැම්බර් 10 වැනිදා ඉන්දියාවේ ධරම්සාලා වලදී ආරම්භ වීමට නියමිතව ඇත.

Sri Lanka ODI squad –

Thisara Perera (Captain), Upul Tharanga, Danushka Gunathilaka, Niroshan Dickwella, Sadeera Samarawickrama, Lahiru Thirimanne, Angelo Mathews, Asela Gunaratne, Chathuranga De Silva, Sachith Pathirana, Akila Dananjaya, Jeffrey Vandersay, Dushmantha Chameera, Suranga Lakmal, Nuwan Pradeep.

Sri Lanka vs India – ODI Schedule

1st ODI – Dharamsala – 10th December – 11.30am
2nd ODI – Mohali – 13th December – 11.30am
3rd ODI – Visakhapatnam – 17th December – 1.30pm

Rate this item
(0 votes)