March 29, 2024

මැතිව්ස් හා චන්දිමාල් ස්ථාවර ගමනක(UPDATE)

December 04, 2017

ඉන්දියාවට එරෙහිව පැවත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රිඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් බිද වැටී ලකුණු 192ක් ලබා සිටියි.ඒ අනුව ඔවුන් ඉන්දායනු පළමු ඉනිමට වඩා කඩුලු 07ක් අතැතිව තවත් ලකුණු 344ක් පසුපසින් සිටියි

දෙවැනි දිනය සදහා ඊයේ දිනයේ තරගය නතර කරන විට කඩුලු 03ක් දැවී ලකුණු 131ක් ලබා සිටි ශ‍්‍රී ලංකා කන්ඩායම ඉන්දියානු කණ්ඩායමේ ප‍්‍රබල පන්දුයවන්නන් හමුවේ සාර්ථක පිතිහරඹය නිරත වෙමින් අද දිනයේදී පළමු හෝරාවේදී මුලු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 61ක් එක් කිරීමට සමත් විය.

තරගය නතර කරන විට සිව්වැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 117ක සම්බන්ධතාවක් පැවැත්වීමට ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් සමත්විය.

ඇන්ජලෝ මැතිව්ස් හයේ පහර 02ක් හා හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 90ක් ලබා සිටින අතර මැතිව්ස්ට අනගි සහයක් ලබාදෙන චන්දිමාල් සිය 16වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කරමින් හතරේ පහර 07ක් සමගින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියි.

 

 

Rate this item
(1 Vote)