March 29, 2024

ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සිංහ පිළේ ප‍්‍රහාරාත්මක පිතිකරුවකුට අහිමි වෙයි?..

December 04, 2017

ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ අවසාන ටෙස්ට් තරඟය මේ වනවිට පැවැත්වෙන අතර ටෙස්ට් තරඟ තුනෙන් පසුව දෙරට අතර එක්දින තරඟ තුනක් සහ T20 තරඟ තුනක් පැවැත්වීමට නියමිත අතර මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් කිහිප දෙනෙකු ලංකාවට පැමිණ සීමිත පන්දුවාර තරඟ සඳහා වෙනත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ආදේශ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින සහ T 20 තරඟ සඳහා මහත් බලාපොරොත්තු තබාගෙන සිටි කුසල් ජනිත් පෙරේරා නැවතත් අභාදයකට ලක්ව ඇති පුවතක් ඉන්දීය මාද්‍යයක් වාර්තා කර තිබිණි.

කුසල් පසුගිය චැම්පියන්ස් කුසලාන තරඟාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි කරනොගත් අතර මේ දිනවල ක්‍රියාත්මක BPL තරඟාවලියේ රාන්පුර් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන කුසල් එම තරඟාවලිය අතර තුර අභාදයකට ලක්ව ඇති බව වාර්තා වන අතර අතෙහි ඇතිව තිබෙන මෙම අභාද තත්වය නිසා දෙසැම්බර් 10 ආරම්භ වන එක්දින තරඟාවලිය බොහෝ විට කුසල්ට අහිමි වනු ඇත.

කුසල් බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ රාන්පූර් රයිඩර්ස් කණ්ඩයාම වෙනුවෙන් එක් තරගයට පමණක් සහභාගී වු අතර එම තරගයේදී කිසිදු ලකුණක් ලබා ගැනීමට සමත් වුයේ නැත

Rate this item
(0 votes)