March 29, 2024

සිංහ පිළේ එක්දින හා විස්සයි විස්ස නායකතවය තිසරට..

November 29, 2017

තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 කණ්ඩාම් වල නායකත්වයට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය නිළ වශයෙන් නිවේදනය කළේය.

එ අනුව වර්තමාන එක්දින හා විස්සයි 20 නිත්‍ය නායක උපුල් තරංගට නායත්වය අහිමී වෙයි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග ස්ථිරව පත්කෙරුණේ පසුගිය ජුලි මාසයේදීය. ඒ සිම්බාබ්වේ කණ්ඩායම අතින් තරගාවලි පරාජයක් ලැබීමෙන් අනතුරුව එවකට නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවය.

ටෙස්ට් නායකයා ලෙස චන්දිමාල් පත්කරමින් උපුල් එක්දින නායකයා බවට පත් කරන්නේ 2019 ලෝක කුසලානයට හොඳ කණ්ඩායමක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුව ඇතුවය. කෙසේ වුවද එයින් තරගාවලි දෙකකින් පසු 8-0 ලෙස තමන් නායකත්වය දුන් සියලු තරග පරාජයට පත්ව, තරග දෙකක් නියමිත කාලයට පන්දු ඕවර 50 නොයැවීම නිසා නායකත්වය අහිමි වීමක්ද පෙන්නුම් කරමින් උපුල් අසාර්ථක වී ඇත.

ඒ අනුව දෙසැම්බර් මස 10 වැනිදා ආරම්භ වන ඉන්දීය සංචාරය තිසරගේ නායකත්වය යටෙතේ තරග වැදිමට නියමිතව ඇත

 

Rate this item
(0 votes)