April 25, 2024

මැතිව්ස්, දික්වැල්ල,දිමුත් පස්සට යද්දී චන්දිමාල් ඉදිරියට එයි..අයි.සී.සී ය නිකුත් කල නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් මෙන්න

November 29, 2017

පසුගියදා නිමාවට පත්වුනු ඉන්දු – ශ‍්‍රී ලංකා, එංගලන්ත – ඔස්ටේ‍්‍රලියා අලුබදුන පළමු තරගයෙන් පසු අයි.සී.සී ක‍්‍රිකට් ආයතනය නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීමි නිකුත් කොට තිබෙනවා.

එහි පිතිකරණ ලැයිස්තුවේ ප‍්‍රථම ස්ථානය ප‍්‍රසාද ලකුණු 941ක් ලබා සිටින ස්ටීවන් ස්මිත් හට හිමිව ඇති අතර එංගලන්ත කණ්ඩායම එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 141ක හේතුවෙන් ප‍්‍රසාද ලකුණු 05ක් එක් වී ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායම එරෙහිව ලකුණු 143ක් රැස් කළ චිතේෂවර් පුජාරා ප‍්‍රසාද ලකුණු 888ක් ලබාගනිමින් සිව්වැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර දිවිත්ව ශතකයක් ලබාගත් විරාත් කෝලි පස්වන ස්ථානයේම රැදි සිටින අතර ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 817 සිට 877දක්වා 60කින් වැඩිවී ඇත.

එම පිතිකරණ සටහනේ එංගලන්ත කණ්ඩායමේ නායක ජොයි රූට් තෙවැනි ස්ථානයේද නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සිව්වැනි ස්ථානයද හිමිකරගෙන ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ශතක රැුස් කළ ආරම්භක පිතිකරු මුරලි විජය ස්ථාන 08ක් ඉදිරියට පැමිණෙමින් 28වන ස්ථානයට පත්ව ඇති අතර රෝහිත් ශර්මා ස්ථාන 07ක් ඉදිරියට පැමිණෙමින් 46වන ස්ථානය හිමිකරගෙන ඇත.

මීට අමතරව ඉන්දියානු කණ්ඩායම එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම අර්ධ ශතක රැුස් කළ දිනේෂ් චන්දිමාල් ස්ථාන 06ක් ඉදිරියට පැමිණෙමින් 17වන ස්ථානයටත්, මොයින් අලී ස්ථාන 03ක් ඉදිරියට පැමිණෙමින් 26වැනි ස්ථානයටත්, ශොන් මාෂ් ස්ථාන 02ක් ඉදිරියට පැමිණෙමින් 43වැනි ස්ථානයත් හිමිකරගෙන ඇති අතර දිමුත් කරුණාරත්න එක් ස්ථානයක් පහළට යමින් 18වැනි ස්ථානයටත්, ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 06කින් පසුපසට යමින් 30වැනි ස්ථානයත් නිරෝෂන් දික්වැල්ල ස්ථාන 05ක් පිටුපසට යමින් 42වැනි ස්ථානයත් හිමිකරගෙන ඇත.

පන්දුයැවීමේ ලැයිස්තුවේ රංගන හේරත් ප‍්‍රසාද ලකුණු 807ක් ලබාගනිමින් පස්වන ස්ථානයේ රැදී සිටින අතර තුන්ඉරියව් ක‍්‍රිඩක ලැස්තුවේ 09වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

 

   
Rate this item
(1 Vote)