April 25, 2024

‘මහේල’ගේ කුල්නා පිල දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කරමින් ඉහළටම පැමිණෙයි..

November 29, 2017

බංගලාදේශ් පි‍්‍රමියර් ලීග් තරගාවලියේ රාජ්ෂාහී කිංග්ස් කණ්ඩායම සමග පැවැත් තරගයෙන් ලකුණු 68ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන කුල්නා ටයිටන්ස් කණ්ඩායම  සමත්වුනා

තරගාවලියේ 30 වැනි තරගයේ ජයග‍්‍රහණය සදහා ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රාජ්ෂාහි කණ්ඩායමට සයිෆුල් ඉස්ලාම්ගේ විශිෂ්ට පන්දුයැවීමට හමුවේ පන්දුවාර 19කදී සියල්ල දැවි ලබා ගතහැකි වුයේ ලකුණු 149ක් පමණි.

එහිදී සුපිරි පන්දුයැවීමට නිතර වු සයිෆුල් ඉස්ලාම් සිය පන්දුවාර 04 තුළදී ලකුණු 26කට කඩුලු 05ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

රාජ්ෂාහි කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කුල්නා ක‍්‍රීඩකයින් අෆිෆ් හුසේන්ගේ ස්ථාවර ඉනිමත් නිකලස් පූරන්ගේ හා කාලෝස් බ‍්‍රත්වෙයිට්ගේ ප‍්‍රහාරාත්මක පිතිහරඹයත් හේතුවෙන් නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 05ක් දැවී ලකුණු 213ක් ලබා ගැනීමට සමත් විය.

එහිදී ස්ථාවර ඉනිමක් ක‍්‍රීඩා කරමින් කුල්නා ඉනිම අවසන් වන තෙක් පන්දුවවට පහරදුන් අෆිෆ් පන්දු 38කදි හයේ පහර 05ක් සමගින් ලකුණු 54ක් රැුස් කළ අතර නිකලස් පූරන්(57) සමග එක්ව පන්දු 37කදී වේගවත් ලකුණු 88ක සම්බන්ධතාවක් පැවැත්වු අතර කාලෝස් බ‍්‍රත්වෙයිට්(34) සමග ලකුණු 47ක සම්බන්ධතාවක්ද පැවැත්වීමට සමත්විය.

පන්දු 26කදී වාර්තා වු පූරන්ගේ ඉනිමට දැවැන්ත හයේ පහර 03ක් හා හතරේ පහර 06ක් අන්තර්ගත වු අතර පන්දු 14කදී වාර්තා වු බ‍්‍රත්වෙයිට්ගේ ඉනිමට දැවැන්ත හයේ පහර 03ක් හා හතරේ පහර 03ක් ඇතුළත් විය.

රාජ්ෂාහි කණ්ඩායම වෙනුවෙන් පන්දුයැවීමේදී ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් කඩුලු 03ක් බිද හෙළිමට සමත් විය.

ඒ අනුව බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ තවමත් පෙරමුණේ පසුවීමට කුල්නා කණ්ඩායම සමත් ව ඇති අතර ඔවුන් තරග හයකට සහභාගී වි අතර 06ක් ජයග‍්‍රහණය කොට තරග 02ක් පමණක් පරාජය වී ඇත.එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය .

කුල්නා ටයිටන්ස් කණ්ඩායම – කඩුලු 05ක් දැවී ලකුණු 213 (පන්දුවාර 20)
නස්මුල් හුසේන් සැන්ටෝ 49, අෆිෆ් හුසේන් නොදැවී 54, නිකලස් පූරන් 57, කාලෝස් බ‍්‍රත්වෙයිට් 34, ජේමිස් ෆ‍්‍රෑන්ක්ලින් 3/50

රාජ්ෂාහි කිංග්ස් කන්ඩයම – සියලු දෙනා දැවී ලකුණු 145( පන්දුවාර 19)
රෝනී තලුක්ඩාර් 36, මෙහෙඩි හසන් මිරාස් 29, සයිෆුල් ඉස්ලාම් 5/26

Rate this item
(0 votes)