March 29, 2024

ආරම්භක පිතිකරුවා යළි කණ්ඩායම කැදවයි..තෙවැනි ටෙස්ට් තරගයට ප‍්‍රබල කණ්ඩායමයක්

November 29, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කන්ඩායම අතර දෙසැම්බර් මස 02වැනිදා දිල්ලි හීදී ආරම්භ විමට නියමිත තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය සදහා ක‍්‍රීඩාකරන ඉන්දියානු සංචිතය එරට තේරීම් කමිටුව විසින්  නම් කරනු ලැබුවා.

දෙවැනි තරගයේ පෞද්ගලික හේතුවක් මත තරගයෙන් ඉවත් වු ආරම්භක පිිතිකරු ශිකර් ධවාන් තෙවැනි ටෙස්ට් තරගයට කැදවා ඇති අතර දෙවැනි තරගයේදි ශතකයක් ලබාගනිමින් පුජාරා සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 209ක් එක් කළ මුරලි විජය සමග ඉනිම ආරම්භක කිරීමට නියමිතව ඇත.

සිය විවාහ උත්සවය නිසා පළමු තරගයේ වීරයා සම්මානය හිමිකරගත් බුවනේෂ්වර් කුමාර් තෙවැනි ටෙස්ට් තරගයටද ඇතුලත් කර නොමැති අතර දෙසැම්බ්ර් 10 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට ඔහුගේ දායකත්වය ලබා ගැනීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව සැලසුම් කර ඇත.

ඉන්දිය නායක විරාත් කෝලි තෙවැනි ටෙස්ට් තරගයට සහභාගී නොවන බවට මාධ්‍ය වාර්තා පළ වුවත් ඔහු මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර එක්දින තරගාවලියෙන් ඔහු විවේක ගන්වා ඇත.

Virat Kohli (C), Murali Vijay, Lokesh Rahul, Shikhar Dhawan, Cheteshwar Pujara, Ajinkya Rahane (vc), Rohit Sharma, Wriddhiman Saha (wk), Ravichandran Ashwin, Ravindra Jadeja, Kuldeep Yadav, Mohammed Shami, Umesh Yadav, Ishant Sharma, Vijay Shankar

Rate this item
(0 votes)