March 29, 2024

නායකත්වයේ වෙනසක් සමගින් ඉන්දු - ශ‍්‍රී ලංකා එක්දින ගැටුමේ සංචිතය නම් කරයි..

November 27, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින තරගාවලිය සදහා ක‍්‍රිඩාකරන ඉන්දියානු සංචිතය එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම් කොට තිබෙනවා.

දකුණු අප‍්‍රිකානු තරගාවලිය අරමුණු කරගනිමින් අබාධ වලට ගොදුරුවීම වලක්වාගැනීමට සදහා ඉන්දියානු කණ්ඩායමේ නිත්‍ය නායක විරාත් කෝලි මෙම සංචිතයෙන් විවේක ගන්වා තිබෙන අතර කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මා හට හිමිව තිබෙනවා.

රෝහිත් ශර්මා අන්තර්ජාතික තරගයදි කණ්ඩායමට නායකත්වය සපයන පළමු අවස්ථාව මෙයයි. නවසීලන්තය විස්සයි විස්ස තරගාවලියේදී මංගල ජාත්‍යන්තර ක‍්‍රිකට් වරම් ලබාගත් සුරේශ් අයර් විරාත් කෝලි වෙනුවට කණ්ඩායමට කැදවා ඇත.

ටෙස්ට් තරගාවලියේදී විවේක ගැන්වු ප‍්‍රබල තුන්ඉරියව් ක‍්‍රිඩක හර්දීක් පාන්ඩ්‍යා නැවත කණ්ඩායම කැදවා ඇති අතර පරිණත කඩුලු රකින පිතිකරු එම් එස් දෝනි ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රීඩා කරනු ලබයි.

ශ‍්‍රී ලංකාව සමග  මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ අසාර්ථක වු ටෙස්ට් උපනායක අජින්ක්‍යා රහානේ හටද එක්දින කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබේ

වේග පන්දුයවන්නන් වශයෙන් ජස්ප‍්‍රිත් බුම්රා සහ බුවනේෂ්වර් කුමාර් කණ්ඩායම නම් කර ඇති අතර අක්ෂාර් පටෙල්,කුල්දීප් යාදව් හා යුෂ්වෙන්ද‍්‍ර චහාල් දග පන්දු යවන්නන් වශයෙන් කණ්ඩායමට කැදවා ඇත.

තවද දේශීය තරගාවලිය වල දස්කම් දක්වන ක‍්‍රීඩකයකු වන අයි.පී එල් තරගාවලියේ සන්රයිසස් හයිද‍්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන සිද්ධර්ත් කෞවුල් ඉන්දීය සංචිතයට එක්කර ඇත.

Rohit Sharma (C), Shikhar Dhawan, Ajinkya Rahane, Shreyas Iyer, Manish Pandey, Kedar Jadhav, Dinesh Karthik, MS Dhoni (wk), Hardik Pandya, Axar Patel, Kuldeep Yadav, Yuzvendra Chahal, Jasprit Bumrah, Bhuvneshwar Kumar, Siddharth Kaul

තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 10 වැනිදා ආරම්භ ධරම්සාලා වල පැවැත්වෙන අතර දෙවැනි තරගය දෙසැම්බර් මස 13වැනි දා මොහාලි හිදී පැවැත්වීමට නියමිතව ඇත.තෙවැනි තරගය දෙසැම්බර් මස 17වැනිදා විසාග් හිදී පැවැත්වෙයි

Rate this item
(0 votes)