April 25, 2024

දිමුත් ගේ උඩපන්දුව විජයගේ ඇගේ පැටලෙයි.. සිංහ පිළ අසීරු අඩියක(වීඩියෝ සහිතයි )

November 27, 2017

ඉන්දියාවට එරෙහි නාග්පුර් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද(27) දිනයේ සිය දෙවැනි ඉනිම ක‍්‍රිඩා කරන ශ‍්‍රී ලංකා කන්ඩායම මේ වන විට කඩුලු 03ක් දැවී ලකුණු 52ක් ලබා සිටියි..ඒ අනුව ඔවුන් ඉන්දියානු කණ්ඩායමේ ප‍්‍රථම ඉනිමට වඩා ලකුණු 357ක් පිටුපසින් සිටියි. නොදැවී කඩුල්ලේ රැදි සිටන දිනේෂ් චන්දිමාල් ලකුණු 4 ක් ද මැතිව්ස් ලකුණු 06ක් ද ලබා සිටියි.

ඊයේ දිනයේදී එක් කඩුල්ලකට ලකුණු 21ක් ලබා සිටියදී ඉනිම අත්හිටවු ශ‍්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 13ක් එක් වෙදිද්ී ලකුණු 18ක් ලබා සිටි දිමුත් කරුණාරත්න දවා ගැනීමට ජඩේජා සමත් විය.

ජඩේජා එවු පන්දුවකට ෆ්ලික් පහරක් ගැසු නමුත් එය ශෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි මුරලි විජයගේ ඇගේ උඩපන්දුවක් ලෙස දැවටීමෙන් දිමුත් දැවී යනවිට සිය ඉනිමට හතරේ පහර 03ක් එක්කොට තිබුණි.

අනතුරුව කණ්ඩායමේ ලකුණු පුවරුවට තවත් ලකුණු 14ක් එක් වෙද්දී උමේෂ් යාදව් එවු පන්දුවකට ජෙඩේජා අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 23ක් ලබා සිටි ළහිරු තිරිමාන්න දැවී ගියේය.ප්නදු 62කදී වාර්තා වු තිරිමාන්නගේ ඉනිමට හතරේ පහර 03ක් ඇතුළත් විය.

ඉනිමක පරාජයෙන් ගැලවීමේ මූලික අභියෝගය කරපින්නාගෙන දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ඊයේ දිනයේ දෙවැනි පන්දුවේදීම ඇද වැටිණ. ඉෂාන්ත් ෂර්මාගේ පළමු පන්දුව හඹාගොස් පහරක් ගැසීමට උත්සාහ කළ සධීර සමරවික්‍රම දෙවැනි පන්දුව නිදැල්ලේ යන්න හැරියද එය ඔහුගේ කඩුල්ලට කඩාවැදුණේය. ඒ වන විට දෙවැනි ඉනිමට ලකුණු එකතු වී නොතිබිණ.

ඉන්දීය නායක විරාට් කෝලි ලබාගත් ප්‍රවේගකාරී ද්විත්ව ශතකය නිසා  තෙවැනි දිනය නිමාව ආසන්නයේදී ඉන්දීය කණ්ඩායම දැවැන්ත වාසියක් අත්පත් කරගත්තේය.

කෝලි ලබාගත් ද්විත්ව ශතකයට අමතරව ඉන්දියාව වෙනුවෙන් පිතිකරුවෝ තිදෙනෙක් ශතක ලබාගත්හ. ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් සොයාගත නොහැකිව ළතවෙමින් සිටි රෝහිත් ෂර්මා තමන්ට ලැබුණු අවස්ථාවෙන් අනගි ප්‍රයෝජන ලබාගත් අතර ඔහු ශතකය ලබාගැනීමත් සමගම ඉන්දීය නායකයා ඉනිම නතර කළේ අද සවස ඕවර කිහිපයක් ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත යැවීමේ අටියෙනි.

දිනය පුරාම පිටියේ අණසක පැතිරූ ඉන්දීය නායකයාගේ පන්දු 267 ඉනිමට හතරේ පහර 17 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය. සිය 62 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කෝලිගේ පස්වැනි ටෙස්ට් ද්විත්ව ශතකය මෙයයි. බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්ත, එංගලන්ත සහ බංග්ලාදේශ කණ්ඩායම් වලට එරෙහිවද ඔහු ද්විත්ව ශතක ලබා තිබේ.

සෙනසුරාදා දිනයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තඹයකට මායිම් නොකළ මුරලි විජේ සහ චෙටේස්වාර් පුජාරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 209 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. විරාට් කෝලි සහ රෝහිත් ෂර්මා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් අද දිනයේ ගොඩනැංවූ සම්බන්ධතාව ලකුණු 173 කි.

වසරක පමණ කාලයකට පසුව ඉන්දීය පිලට එක්වූ රෝහිත් ෂර්මා තේ පානයෙන් පසුව තමන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරමින් ශතකය කරා ගියේය. පන්දු 98 කින් සිය අර්ධ ශතකය ලබාගත් ෂර්මාට එතැන් සිට ශතකය කරා යාමට අවශ්‍ය වූයේ පන්දු 62 ක් පමණි.

 

Rate this item
(0 votes)