April 20, 2024

අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් ගැසු තිසර රාන්පූර් කන්ඩායම ජය ගෙනෙයි(VIDEO)

November 26, 2017

තිසරේ පෙරේරා අවසන් පන්දුවෙදී එල්ල කළ හයේ පහරත් සමග බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල් විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ චිතගොං කණ්ඩායම සමග චිතගොංහීදි පැවැති තරගයෙන් කඩුලු 03ක තියුණු ජයක් හිමිකරගැනීමට රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම ඊයේ(25) සමත්විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 07ක් දැවී තිබියදි ඉනිමේ අවසන් පන්දුවේදි ජයග‍්‍රහණය හිමිකරගැනීමට සමත්විය.

විස්සයි විස්ස ක‍්‍රිකට් ආකෘතියේ ප‍්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනෙකු වන බ්‍රෙන්ඩන් මැකලම් හා ක‍්‍රිස් ගේල් රාන්පූර් ඉනිම ඇරඹුවත් මෙම තරගාවලියේ යළිත් වරක් අසාර්ථක වු මැකලව් ලකුණු 15ක් ලබා සිටියදී අල් අමීන් එවු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියහ.ඒ වන විටත් පන්දු 20කට මුහුණ දී සිටි මැකලම් එක් හයේ පහරකින් හා එක් හතරේ පහරකින් සිය ඉනිම අලංකාර කර තිබිණි.

ඉන් අනතුරුව පිතිකරණ අංශයේ වෙනසක් සිදුකරමින් මැකලම් දැවී ගිය පසු පිටියට එක්වු නායක මෂ්රීෆ් මොටාසා චිතගොං කණ්ඩායමට දැඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් වේගවත් ලකුණු 42ක් ලබා ගැනීමට සමත්විය. පන්දු 17කදි වාර්තා වුණු මොටාසාගේ ඉනිමට දැවැන්ත හයේ පහර 03නක් හා හතරේ පහර 04ක් ඇතුළත් විය.

ක‍්‍රිස් ගේල් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26කදී ලකුණු 60ක සම්බන්ධතාවක් ගොඩ නැගු මොටාසා සන්සමුල් ඉස්ලාම් එවු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී යන විට ලකුණු 42ක් ලබා සිටිය.පන්දු 25කදී වාර්තා වු ක‍්‍රිස් ගේල්ගේ ඉනිමට හයේ පහර 03ක් හා එක් හතරේ පහරක් ඇතුලත් වු අතර තන්බීර් එවු පන්දුවකට රොන්චි අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවි ගේල් යන විට ලකුණු 33ක් ලබා සිටියහ.

ප‍්‍රබල කඩුලු 02ක් දැවී යාමෙන් අනතුරුව පිටියට එක්වු මොහොමඩ් මිතුන් විශිෂ්ට පිතිහරඹය නිරතවෙමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණයේ මාවතට රැගෙන යාමට වුවත් එයට සාර්ථක අවසානයක් ලබා දීමට නොහැකි විය.19වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී දුවිස් රීස් එවු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට මිතුන් පන්දු පන්දු 29කදී ලකුණු 44ක් ලබා සිටි අතර එයට හතරේ පහර 04ක් ඇතුළත් විය.

අනතුරුව කණ්ඩායම ජයග‍්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම ඒ වන විටත් පිටියේ රැදී සිටි තිසරේ පෙරේරාගේ කර මතට පැටවුණු අතර ජයග‍්‍රහණය සදහා අවසන් පන්දුවාරයේදී ලකුණු 14ක් ලබා ගැනිමට නියමිතව තිබුණි.

අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට ලොන් ඔ්න් දෙසට පහරක් එල්ල කරමින් ලකුණු 02ක් ලබා ගත් තිසර පෙරේරා දෙවැනි පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ගිලිහී ගිය තරගය නැවත වරක් රදවා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත් තෙවැනි පන්දුවට හා සිව්වැනි පන්දුවට කඩුලු 02ක් දැවී යාම හේතුවෙන් තරගය නැවත වරක් කණ්ඩායම් දෙකටම දෝලනය විය.

පස්වැනි පන්දුවට ම්ඩ්විකට් දෙසට පන්දුවර තල්ලු කරමින් ලකුණු 02ක් රැුස් කරගත් තිසර පෙරේරා අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය හිමිකරදීමට සමත්විය.

රාන්පූර් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොං වයිකින්ස් කන්ඩායම නියමිත් පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 176ක් රැුස් කරගත්හ.

එහිදී ප‍්‍රහමාරාත්මක පිතිහරඹය නිරත වු ස්ටෙන් වෑන් සිල් පන්දු 40කදි වෙගවත් ලකුණු 48ක් රැස් කිරීමට සමත් වුයේ හයේ පහර 04ක් හා හතරේ පහර 03ක් සමගිනි.

සිකන්දර් රාසා(22)සමග එක්ව පන්දු 45කදී ලකුණු 76ක සම්බන්ධතාවක් ගොඩනැගු වෑන් සිල් නජ්බුල් සද්රාන්(25) සමග එක්ව පන්දු 22කදී ලකුණු 35ක් රැස් කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛයාව ඉහළ දැමීය.

පන්දුයැවීමේදි රාන්පූර් කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග ලකුණු 37කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වු අතර තිසර පෙරේරා ලකුණු 35කට කඩුල්ලක් දවා ගැනිමට සමත් විය.

Rate this item
(1 Vote)