March 29, 2024

රාන්පූර් කණ්ඩායම පැරදවු මහේලගේ කුල්නා පිල බී.පී.එල් තරගාවලියේ පෙරමුණ ගනියි

November 25, 2017

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම සහ කුල්නා ටයිටන්ස් කණ්ඩායම අතර චිතගොන් හීදී ඊයේ පැවැති තරගයෙන් ලකුණු 09ක ජයක් අත්කර ගැනීමට කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 159ක ඉලක්කයක් හමා ගිය රාන්පුර් රයිඩර්ස් කණ්ඩායමට නිමිත් පන්දුරා 20 තුළදී කඩුලු 06ක් දැවී ලබාගත හැකිවුයේ ලකුනු 149ක් පමණි.

රවී බෝපාරා (59) හා නහිදුල් ඉස්ලාම් (58) පස්වන කඩුල්ල සදහා ලකුණු 100 විශිෂ්ට සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වු නමුත් එය ජයග‍්‍රහණය සදහා කැදවාගෙන යෑමට ඔවුන් දෙදෙනා අපොහොසත් විය.

පන්දු 44කදී වාර්තා වු බෝපාරාගේ ඉනිමට එක් හයේ පහරක් හා හතරේ පහර 04ක් ඇතුලත් වු අතර පන්දු 43කදි වාර්තා වු ඉස්ලාම්ගේ ඉනිමට හතරේ පහර 07ක් ඇතුලත් විය.ඔවුන් දෙදෙනාම ඉනිමේ අවසන් පන්දුවාරයේදී දැවී ගියහ.

රාන්පුර් රයිඩර්ස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුත් කුල්නා ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුර 20 තුළදී කඩුලු 08ක් දැවී ලකුනු 158ක් රැස් කළහ.

නැවත වරක් සිය කණ්ඩායමේ බර කර මතට ගනිමින් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ නායක මහමදුල්ලා පන්දු 36කදී හයේ පහර 02ක් හා හතරේ පහර 06ක් සමගින් වේගවත් ලකුණු 59ක් රැස් කළහ.

පන්දුයැවමේදී රන්පුර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් රුබල් හුසේන් පන්දුවාර 04 තුළ ලකුණු 35කට කඩුලු 03ක්ද , ලසිත් මාලිංග පන්දුවාර 04 තුළ ලකුණු 27කට කඩුලු 02ක් තිසර පෙරේරා ලකුණු 30කට එක් කඩුල්ලක්ද දවා ගත්හ.

එම ජයත් සමගින් කුල්නා ටයිටන්ස් කණ්ඩායම බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ සහභාගී වු තරග 08න් තරග 05ක් ජයග‍්‍රහණය ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන ඇත.

කුල්නා ටයිටන්ස් කණ්ඩායම – කඩුලු 08ක් දැවී ලකුණු 158 (පන්දුවාර 20)
මහමදුල්ලා 59,නස්මුල් හුසේන් 20, රූබල් හුසේන් 3/35, ලසිත් මාලිංග 2/27

රාන්පූර් රයිඩර්ස් කන්ඩායම – කඩුලු 06ක් දැවී ලකුණු 149 (පන්දුවාර 20)
රවී බෝපාරා 59, නහිදුල් ඉස්ලාම් 58, ක‍්‍රිස් ගේල් 16, අෆිෆ් හුසේන් 2/4, ජුනයිඩ් ඛාන් 1/20

Rate this item
(3 votes)