April 25, 2024

අසේල ගුණරත්න ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයට..

November 25, 2017

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වර්ථමානයේ සිටින සාර්ථකම තුන්ඉරියව් ක‍්‍රීඩකයා වන අසේල ගුණරත්න මේ දිනවල ඉන්දියාවේ පැවැතවෙන ටෙස්ට් තරගාවලියේ තුන්වැනි තරගය සදහා සහභගී වීමට නියමිතව ඇති බවට වාර්තා පළවෙයි.

දෙපිළ අතර තරග 03කින් යුත් ටෙස්ට් තරගමාලාවේ දෙවැනි ටෙස්ට් තරගය මේ දිනවල නාග්පූරහීදී පැවැත්වෙන අතර පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමවිය.

'ඔහු යෝග්‍ය පරීක්ෂණයට සහභාගී විය යුතුයි..ඔහු යෝග්‍යනම් අපි ඔහුව අවසන් ටෙස්ට් තරගයට සදහා ඉන්දියාවට යවන එක ගැන සලකා බලනවා යැයි' ක‍්‍රිකට් නිළධාරියෙක් පැවසූ බවට එම පුවත් වාර්තා කරයි..

'අපි ඔහුව ඉන්දියාවට යැව්වත් යවන්නේ අතිරේක ක‍්‍රිඩකයකු වශයෙන්.ඉන්දියාවේ ක‍්‍රීඩ කරන අපේ සියලුම ක‍්‍රීඩකයින් හොද යෝග්‍යතාවයෙන් ඉන්නෙ'. එම නිළදාධාරියා වැඩිදුරටත් පවසා ඇත

කෙසේ වෙතත් එම පුවත් සේවා වැඩිදුරටත් දක්වන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අසේල ගුණරත්න ඉන්දියාවට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයට සහභාගී කරවීමේ ප‍්‍රයත්නයක යෙදී සිටින බවයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් තේරීම් කමිටුවේ සභාපති ග‍්‍රෑම් ලැබ්රෝයි මහතා මීට පෙර මාධ්‍ය හමුවේදී පවසා සිටියේ අසේල ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියට ක‍්‍රීඩා කරන බවයි.

ටෙස්ට් තරග 6 කදී ශතකයක්ද සමගින් ලකුණු 455 ක් ලබා ඇති අසේල ගුණරත්න ඉන්දීය පිලට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී තුවාල ලැබීය. ස්ලිප්හි සිට ශිකර් ධවාන් ගේ උඩපන්දුවක් රැකගැනීමට යාමේදී පන්දුව වැදීම නිසා ඔහුගේ වම් අතේ මහපටැඟිල්ලේ අස්ථියක් කැබලි වලට බිඳී ගියේය.

ජාතික කණ්ඩයමට එක්ව තවමත් ගතවී ඇත්තේ යන්තම් වසරක පමණ කාලයක් වූවත් ටෙස්ට් සහ එක්දින කාණ්ඩ දෙකේදීම ශතක ලබා සිටින අසේල ගුණරත්න විස්සයි-20 තරග 9 කදී අර්ධ ශතක දෙකක්ද ලබා තිබේ. විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය පන්දු 100 කට ලකුණු 136 කි.

Rate this item
(0 votes)