April 24, 2024

සියල්ලන් විරුද්ද වෙද්දී ‘ලොකේෂ් රාහුල්’ සිංහ පිළට සහය දෙයි

November 23, 2017

නිමාවූ ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනයේ ශ්‍රී ලංකා පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ ඉන්දීය වේගපන්දු යව ක්‍රීඩක මොහොමඩ් ශමී අතර යම් උනුසුම්කාරී තත්වයක් ඇතිවිය.

එහිදි එක් අවස්ථාවක මොහාමඩ් ශමීගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරන දික්වැල්ල ඉන්දීය පන්දු යවන්නන් නිවැරදි ලෙස ස්ථානගතව නොවී ඇති බවත්, එය නිපන්දුවක් ලෙස සටහන් කරන ලෙසත් විනිසුරුවන්ගෙන් කළ ඉල්ලීම මෙම උණුසුම්කාරී තත්වයට හේතු විය

මේ පිළිබඳව ඉන්දීය ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් අහදස් දක්වමින් පැවැසුවේ ඉන්දීය කණ්ඩායම එවැනි තත්වයක සිටියානම් කරන්නේද එය බවයි. “එය සාමාන්‍ය දෙයක්. අපිත් ඒ වගේ තත්ත්වයක සිටියානම් එවැනි දෙයක් කරන්න පුළුවන්. එහෙම තමයි ක්‍රීඩාව. කිසිවෙකුටත් තරගයක් පරාජය වෙන්න අවශ්‍ය නෑ. මෙවැනි දේ හැම කණ්ඩායමක්ම කරනවා. එහි අසාධාරණත්වයක් නෑ. නමුත් තරගයක් ජයග්‍රහණය කිරීමට අපි උත්සාහ කළේ. එවිට අපි වැඩි පන්දුවාර ප්‍රමාණයක් යොමුකළ යුතුව තිබුණා. නමුත් ක්‍රීඩා කරන්නේ එහෙමයි. එයට පැමිණිලි කරන්න බෑ”

කෙසේ වෙතත් විස්තර විචාරක කුටියේ සිටි ඉන්දියානු විචාරකයින් පැවසුවේ තරගයේ තීරණාත්මක මොහොතකදී තරගය ප‍්‍රමාද කිරීමේ අරමුණින් දික්වැල්ල නිකරුණේ කාලය ගත කරන බවයි.

Rate this item
(1 Vote)