March 28, 2024

සංගාගේ දැවීයාම ඩකා කණ්ඩායම අගාධයට ඇද දමයි ..හසන් අලීගේ වික‍්‍රමය විස්සයි විස්ස වාර්තා පොත අලුත් කරයි

November 22, 2017

ෂහීබ් මලික්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත් හසන් අලීගේ වික‍්‍රමාන්විත පන්දුයැවීමත් හේතුවෙන් ඩකා කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 04ක් විශිෂ්ට ජයක් හිමිකරගැනීමට කොමිලා වික්ටොරියන්ස් කණ්ඩායම සමත් විය.

මෙවර තරගාවලියේ 21වන තරගය ලෙස ඩකාහීදී පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනු ඩකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර හසන් අලීගේ පන්දුයැවීම හමුවේ අසරණ වුණ ඩකා පිතිකරුවන් පන්දුවාර 18යි පන්දු 03කදී සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 128ක් පමණි.

මෙම තරගයේ ආරම්භක පිතකරු ලෙස උසස්වීමක් ලද බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩක සුනිල් නාරායන් ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් හයේ පහර 05ක් හා හතරේ පහර 07ක් සමගින් පන්දු 45කදී ලකුණු 76ක් රැස් කළ අතර කුමාර් සංගක්කාර ලකුණු හතරේ පහර 03ක් සමගින් ලකුණු 28ක් රැස් කළහ.

නාරයන් සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 92ක දැවැන්ත සම්බන්ධතාවක් පැවැත්වුවත් ස්ථාවර ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි සංගාගේ අවසනාවන්ත දුවද්දී දැවීයාමෙන් පසුව ඩකා කණ්ඩායමේ මැදපෙළ කඩාවැටීම ආරම්භ වුනු අතර එතැන් සිට ලකුනු පුවරුවට ලකුණු 24ක් එක්වෙද්දී ඩකා කණ්ඩායමේ ඉතිරි කඩුලු 07ම දවා ගැනීමට කොමිලා පන්දුයවන්නන් සමත්වූහ.

කොමිලා කණ්ඩායම වෙනුවෙන් එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි අංක 01 ස්ථානයේ පසුවන හසන් අලී පන්දුවාර 3යි පන්දු 03කදී ලකුණු 20ක් තුළ කඩුලු 05ක් දවාගැනීමට සමත් විය.එම කඩුලු 05ම පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර විස්සයි විස්ස ඉතිහාසයේ එවැනි දස්කමක් දැක්වු දෙවැනි පන්දුයවන්නා බවටද හසන් අලී පත්විය.

මීට පෙර බංගලාදේශ කණ්ඩායමේ රුබල් හුසේන් 2010 වර්ෂයේ පැවැති බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදී මෙම දස්කම දක්වා ඇත.

අනතුරුව ලකුණු 129ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොමිලා කණ්ඩායම ඉනිම නිමවීමට පන්දු 02ක් පමණක් ඉතිරිව තිබියදි සිය ජයග‍්‍රහණය සපුරා ගැනිමට සමත්විය.

එක් අන්තයක කඩුලු බිද වැටෙද්දී ඉවසිලිවන්ත ඉනිමක් ක‍්‍රීඩ කළ ශහීබ් මලීක් නොදැවී ලකුණු 54ක් ලබා ගනිමින් සිය කණ්ඩායම අවසන් මොහොතේ ජයග‍්‍රහණය වෙත කැදවාගෙන ගියහ.

තරගයේ වීරයා සම්මානය හසන් අලී හට හිමිවිය.

Rate this item
(0 votes)