April 20, 2024

ඉන්දියාව හමුවේ ලංකාවේදී සිදුවු ලැජ්ජාසහගත පරාජයෙන් පසුව සිංහ පිලේ නැගීසිටිම ආරම්භ කළ හැටි පුහුණුකරු පෝතාස් හෙළි කරයි

November 22, 2017

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු නික් පෝතාස් කල්කටාහීදී නිමාවුණු පළමු ටෙස්ට් තරගය පිළිබදව තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා තිබුණා.

එහිදී නික් පොතාස් පවසා සිටියේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පසුගිය ජුලි මසයේදී ශ්‍රී ලංකාවේදී ආරම්භ වූ තරගාවලියේ නිමාවත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම නැගී සිටීම ආරම්භ කළ බවයි.

එසේම පාකිස්තාන තරගාවලියේ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගී සිටීම පෙන්වන බවත් පෝතාස් සඳහන් කළේය.

“ක්‍රියාවලිය ඇත්තටම ආරම්භ වුණේ ශ්‍රී ලංකාවේදීයි. ඉන්දියාව නැවතත් ශ්‍රී ලංකාවෙන් ගියාට පස්සේ ක්‍රියාවලිය ආරම්භ වුණා. අපි සූදානමින් හිටියේ. එවැනි දෙයක් එක් රැයකින් වෙන්නේ නෑ. අපි පාකිස්තානයට එරෙහිව හොඳ ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කළා. අපි ඉන්දියාවේදී හොඳින් ක්‍රීඩා කළා. නමුත් අපිට යන්න දිගු ගමනක් තිබෙනවා. මේ කණ්ඩායම අනාගතයේදී හොඳ කණ්ඩායමක් වේවි. ඒ ගැන සැකයක් නෑ.”

තවද පුහුණුකරු පොතාස් නිමාවදුටු පළමු තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් විශිෂ්ට ලෙස ක‍්‍රීඩා කළ බවත් විරාත් කෝලි විශිෂ්ට ශතයක් රැුස් කළ බවත් ප‍්‍රකාශ කර සිටියා

ඒ තරගය ගොඩක් විශිෂ්ටයි..අපි ගොඩක් හොදින් පන්දුයැව්වා..හොදින් පන්දු රැුකීම කළ..අපි ඉන්දියානු කණ්ඩායම පළමු ඉනිමේ පීඩනයකට ලක්කලා..කොලි විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළා..මම කිසිදෙයක වැරුද්දක් දකින්නෙ නෑ..ඒක කණ්ඩායම් දෙකමට ගොඩක් හොද තරගයක්..

මම හිතනවා ඉන්දියානු කණ්ඩායම සමග පැවැත්වෙන ඉදිරි තරග දෙක අපේ ක‍්‍රීඩකයින්ගේ අනාගතය සදහා සූදානම් කරාවි කියලා..ගොඩක් හොද කණ්ඩායමයක් ඉදිරියේ පීඩනයක් යටතේ ක‍්‍රීඩකයින් ක‍්‍රීඩා කරන විට ඔවුන්ගේ දස්කම් ගොඩක් ඉස්මතු වේවි..

Rate this item
(0 votes)