March 29, 2024

ඉන්දියානු කණ්ඩායමේ ප‍්‍රබලයින් දෙදෙනෙක් දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට

November 21, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ඉන්දියානු සංචිතය ඊයේ ප‍්‍රකාශයට පත් කරනු ලැබූවා.

එම සංචිතයෙන් පළමු තරගයේදී පන්දුවෙන් දස්කම් දක්වා තරගයේ වීරයා සම්මානය හිමිකරගත් බුවනේෂ්වර් කුමාර් සහ දෙවැනි ඉනිමේ ශතකය අභියට දැවී ගිය ආරම්භක පිතිකරු ශිකර් දවාන් එම සංචිතයෙන් ඉවත් කොට තිබෙනවා.

මෙම ක‍්‍රීඩකයින් දෙදෙනාම පෞද්ගලික හේතු මත ඉන්දියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් මෙම ඉල්ලීම කර ඇති අතර බුවනේෂ්වර් කුමාර්ගේ අඩුව පිරවීම සදහා තමිල්නාඩු ප‍්‍රාන්ත තුන්ඉරියව් කී‍්‍රඩක විජේ ශංකර් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ශිකර් දවාන් බෝහෝ දුරට තෙවැනි ටෙස්ට් තරගය සදහා සහභාගී වන බව එම වාර්තා උපුටා දක්වන අතර බුවනේෂ්වර් කුමාර් හට තෙවැනි තරගයද අහිමි වන බව එම වාර්තා වැඩිදුරටත් දක්වයි.

ඉන්දු ශී‍්‍ර ලංකා දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 24 වැනිදා නාග් පූර්හිදී ආරම්භවීමට නියමිතයි.

 

 

Rate this item
(0 votes)