April 20, 2024

කාලගුණය ඉන්දියාවට හරස්වෙයි..පළමු ටෙස්ට් ගැටුම ජයපැරදුමෙන් තොරවෙයි

November 21, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජයපැරදුමෙන් තොරව අවසන් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 231ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායම අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 07ක් දැවී ලකුණු 75ක් ලබා අසීරු තත්වයක පසුවිය.

ශ‍්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට නොදුන් ඉන්දීය පන්දුයවන්නන් මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනාම ලකුනු 22ක් තුළ දවා ගැනීමට සමත් විය.

ලකුනු 22කට ප‍්‍රබල කඩුලු 04ක් දැවී අසීරු තත්වයක සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල හා දිනේෂ් චන්දිමාල් එක්ව ලකුණු 47ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වු අතර දෙවැනි ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වු දික්වැල්ල ලකුණු 27ක්ද චන්දිමාල් ලකුණු 20ක්ද ලබා ගත්හ.

තරගය නතර කරන විට දසුන් ශානක නොදැවී ලකුණු 06ක් රංගන හේරත් ලකුණු නොලබාද කඩුල්ලේ රැදී සිටියහ

පන්දුයැවීමේදී ඉන්දියානු කන්ඩායම වෙනුුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වු බුවනේෂ්වර් කුමාර් ලකුණු 08කට කඩුලු 04ක් දවා ගත් අතර මෙහොමඩ් ශාමී කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.

ඉන්දියාව (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 172 (පන්දුවාර 59.3): චෙටෙස්වර් පුජාරා 52, ව්‍රිදිමන් සහා 29, මොහොමඩ් ශමී 24, රවින්ද්‍ර ජඩේජා 22, බුවනේශ්වර් කුමාර් 13, සුරංග ලක්මාල් 4/26, දිල්රුවන් පෙරේරා 2/19, දසුන් ශානක 2/36, ලහිරු ගමගේ 2/59.

ශ්‍රී ලංකාව (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 294 (පන්දුවාර 83.4): රංගන හේරත් 67, ඇන්ජෙලෝ මැතිව්ස් 52, ලහිරු තිරිමාන්න 51, නිරෝෂන් දික්වැල්ල 35, දිනේෂ් චන්දිමාල් 28, බුවනේශ්වර් කුමාර් 4/88, මොහොමඩ් ශාමි 4/100, උමේෂ් යාදෙව් 2/79.

ඉන්දියාව (දෙවන ඉනිම) –කඩුලු 08ක් දැවි ලකුණු 352 (පන්දුවාර 88.4): විරාත් කෝලි නොදැවී ලකුණු 104, ශිකර් ධවාන් 94, ලෝකේශ් රාහුල් 79, දසුන් ශානක 3/76,සුරංග ලක්මාල් 3/93

ශ්‍රී ලංකා(දෙවන ඉනිම) – කඩුලු 07ක් දැවි ලකුණු 75 (පන්දුවාර 26.3):නිරෝෂන් දික්වැල්ල 27,දිනේෂ් චන්දිමාල් 20,බුවනේෂ්වර් කුමාර් 4/8, මොහොමඩ් ශාමි 2/34

Rate this item
(0 votes)