April 25, 2024

සියල්ල විමතියට පත් කරමින් චාමර සිල්වා එල්ල කළ ලොවක් කැළඹූ අමුතු පහර මෙන්න(VIDEO)

November 21, 2017

පසුගිය කාලයේ තරග පාවාදීම් චෝදනා හේතුවෙන් දැඩි ලෙස කතාබහට ලක්ව සිටි චාමර සිල්වා සිංගර් කුසලාන වෙළද සේවා තරගාවලියේදී එල්ල කළ පහරක් පිළිබදව මේ වන විට ලොව පුරා ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයින්ගේ කතා බහට ලක්වී තිිබෙනවා.

යුනිචෙලා කණ්ඩායම හා තේජා ලංකා කණ්ඩායම අතර පැවැති තරගයේදී පන්දුයවන්නා පන්දුව යැවීමට පෙරම පිතිකරණයේ යෙදී සිටි චාමර සිල්වා කඩුල්ල පිටුපසට ඇවිද ගොස් පහරක් එල්ල කිරීමට සැරසෙන අතර එම පහර එල්ල කීරිමට ප‍්‍රථම පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී යයි.

පානදුර ක‍්‍රීඩා සමාජයේ හිටපු නායක 37 හැවිරිදි චාමර සිල්වා ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 11කදී ලකුණු 537ක්ද, එක්දින තරගය 75කදී ලකුණු 1587ක්ද ,විස්සයි විස්ස තරග 16කදී ලකුණු 175ක් රැස් කරගෙන ඇත.

Rate this item
(0 votes)