April 18, 2024

සුරංගගේ කඩුලු ත‍්‍රිත්වය සිංහ පිළට යළි බලාපොරොත්තු ගෙනෙයි..

November 20, 2017

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටා ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වන දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන ඉන්දියානු කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 251ක් ලබා සිටියි.මේ වන විට ඉන්දියාව ශ‍්‍රී ලංකාවට වඩා ලකුණු 129ක් ඉදිරියෙන් සිටින අතර නායක විරාත් කොලී ලකුණු 41කන් හා රවිචන්ද‍්‍රන් අශ්වින් ලකුණු නොලබා නොදැවී කඩුල්ලේ රැුදී සිටියි.

ඊයේ දිනය නිමා වන විට එක් කඩුල්ලකට ලකුණු 171ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායමට ලකුණු 21ක් එක් වෙද්දී දෙවැනි කඩුල්ල ලෙස අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි ලොකේෂ් රාහුල් ලකුණු 79ක් ලබා සිටියදී සුරංග ලක්මාල් එවු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගියහ.

පළමු ඉනිමේ ඉන්දියානු කණ්ඩායමේ නැංගුරම බවට පත්වු චිතේෂ්වර් පුජාරා සුරංග ලක්මාල් එවු පන්දුවකට දිල්රුවන් පෙරේරා අතට උඩපන්දුයක් ලබා දෙමින් දැවී යනවිට ලකුණු 22ක් ලබා සිටියහ.ජුජාරාගේ දැවී යාමෙන් පිටියට පැමිණි අජින්ක්‍යා රහානේ හට සාර්ථක වීමට නොදුන් සුරංග එම පන්දුවාරයේම යළි ක‍්‍රියාත්මක වෙමින් ලකුණු ලබා ගැනීමට පෙරම ක‍්‍රීඩා ගාරය වෙත හරවා යැවීය.

අනතුරුව පිටියට එක්වු ජඩේජා කෝලි සමග එක්ව සිය කණ්ඩායමට ලකුණු 36ක් එක් කළ අතර ඩිල්රුවන් එවු පන්දුවකට තිරිමාන්න අතට උඋඩපන්දුවක් ලබාදෙමින් ලකුණු 09කට දැවී ගියහ.

අද දිනයේ දැවී ගිය කඩුලු 04න් තුනකම හිමිකම දැරීමට සුරංග ලක්මාල් සමත් වු අතර අනෙක් කඩුල්ල දිල්රුවන් පෙරේරාට හිමිවිය.

Rate this item
(0 votes)