April 16, 2024

පිටියේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම ගැන ක්‍රිකට් ආයතනයෙන් හදිසි නිවේදනයක්

November 20, 2017

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දී කණ්ඩායම අතර කොල්කටාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (19දා) ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා විනිසුරු තීරණය සමාලෝචනය (DRS) කිරීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙහිදි සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන්නේ ඩිල්රුවන්ට ක්‍රීඩා විවේකාගාරයෙන් ලැබුණ සංඥාවක් අනුව විනිසුරු තීරණය නැවත විමසීමට කටයුතු කළ බවයි.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය මෙය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ ඩිල්රුවන් ශ්‍රී ලංකාවට තිබූ විනිසුරු තීරණ විමසීමේ අවස්ථා දෙක අවසන් බව සිතමින් ක්‍රීඩා ගාරයට යෑමට කටයතු කළත් සත්‍ය වශයෙන්ම තවත් එක් අවස්ථාවක් තිබූ හෙයින් ඔහු නැවතත් විනිසුරු තීරණය විමසීමට තීරණය කළ බවයි.

තරගයේ 57 වැනි පන්දුවාරය යොමුකළ මොහොමඩ් සාමිගේ අවසන් මෙම සිදුවීම සිදුවිය. එම පන්දුවේදී ඩිල්රුවන් පෙරේරා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. විනිසුරු නයිජල්ගේ තීරණය වූයේ ඩිල්රුවන් දැවී ගිය ක්‍රීඩකයෙකු බවයි. ඔහු රංගන හේරත් දෙස කෙටි බැල්මක් දමා ක්‍රීඩාගාරය දෙසට පියමනින හැට පෙණුනි කෙසේ වෙතත් නැවතත් හැරී ඔහු විනිසුරු තීරණය අභියෝගයකට ලක්කළේය.

ඒ අනුව ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් බවට පත්විය. මෙවැනිම සිදුවීමක් මේ වසරේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර බැංගලෝර්හි පැවැති ටෙස්ට් තරගයේදී සිදුවිය. එය සිදුවූයේ ස්ටීවන් ස්මිත් විසිනි. නමුත් එහිදී විරාත් කෝලි හා ඔස්ට්‍රේලියානුවන් අතර මත ගැටුමක්ද ඇතිවිය.

Rate this item
(1 Vote)