March 29, 2024

ඉන්දු - ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ හදිසියේ වෙනස් කරයි - හේතුව මෙන්න..

November 20, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කන්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු තරගය දෙක පැවැත්වෙන වේලාවන් වෙනස් කිරීමට ඉන්දියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව දෙසැම්බර් මස 10වැනි දින හා 13වැනි දින ආරම්භවීමට නියිමිත එක්දින තරග දෙක නියමිත වේලාවට(1.30) පැය දෙකකට පෙර එනම් 11.30.a.m ආරම්භ කිරීමට තීරණය කර ඇත.වර්ෂාව හේතුවෙන් තරගයට සිදුවන බාධාවලින් වැලැක්වීමට මෙම පියවර ගෙන ඇති බවද සදහන් වෙයි.කෙසේ වුවත් දෙසැම්බර් 17වැනිදා මුම්බායි හිදී පැවැත්වෙන තරගයේ ආරම්භක වේලාව(1.30) වෙනස් කර නොමැති අතර නියමිත වෙලාවට ආරම්භක කරන බවටද එම නිවේදනයේ සදහන් වෙයි.

මේ වන විට කල්කටාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දින දෙකම වැස්සෙන් සේදී ගිය අතර දින දෙකෙහිම යැවීමට හැකි වුයේ  සීමිත පන්දුවාර ප‍්‍රමාණයක් පමණි.

Rate this item
(1 Vote)