April 19, 2024

නිදහස් කුසලානයට දින නියම වෙයි..

November 18, 2017

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස සැමරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලදේශය යන රටවල් තුනේ සහභාගීත්වයෙන් තුන්කොන් විස්සයි20 තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

එම තරගාවලිය මාර්තු මස 08 දා සිට 20 දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පැවැත්වීමට නියමිතය.

මෙහිදී මුල් වටයේදී එක් කණ්ඩායමක් සිය ප‍්‍රතිවාදීන් අවස්ථා දෙකකදී මුණගැසෙන අතර අවසන් මහා තරගය මාර්තු 20 දින පැවැත්විමට කටයුතු සූදානම් කර ඇත.

මේ තරගාවලිය නිවේදනය කිරීමෙන් පසු ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප‍්‍රකාශ කර සිටියේ අප රටේ 70 වැනි නිදහස අසල්වැසියන් වන ඉන්දියාව හා බංගලාදේශ සමගින් බෙදා හදා ගැනීමට හැකිවීම සතුටට කරුණක් බවයි.එය ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද තිලංග සුමතිපාල වැඩිදුරටත් පැවසූහ.

මේ පිළිබදව අදහස් දැක්වු ඉන්දියානු ක‍්‍රිකට් සභාපති රාහුල් ජෝරි මහතා ප‍්‍රකාශ කර සිටියේ 70 වැනි නිදහස් උළෙලේ කොටස්කරුවෙකු වීම ගැන තමා සතුටට පත් වන බවයි.

” ශ‍්‍රී ලංකාවේ 70 වැනි නිදහස සැරීමේ කොටස්කරුවෙක් වෙන්න ලැබුණු එක ගැන අපි ගොඩක් සතුටුවෙනවා..ලංකාව සහ බංගලාදේශය තරම් සමීප මිතුරෙක් ඉන්දියාවට නෑ.”

එම තරගාවලිය පිළිබද අදහස් දැක්වු බංගලාදේශ ක‍්‍රිකට් සභාපති නස්මුල් හසන් පවසා සිටියේ බංගලාදේශයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගොඩනැගීමට ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාවේ සහයෝගය හා දායකත්වය පමණට ඉක්මවා ලැබුණු බවත් බංගලාදේශ ශ‍්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු බවට මෙම ආරාධනය පැහැදිලි සාක්ෂියක් බවත්ය.

තවද නස්මුල් මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම තරගාවලිය රටවල් තුන අතර සමබන්ධතා තවදුරටත් ශක්තිමත් කරුනු ඇති බවයි

Rate this item
(0 votes)