April 20, 2024

මහේලගේ කුල්නා පිළට තවත් ජයක්

November 18, 2017

බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ චිතගොං වයිකින්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තරගයෙන් කඩුලු 05ක් විශිෂ්ට ජයක් හිමිකරගැනීමට මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුත් කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

තරගාවලියේ 18වැනි තරගය ලෙස ක‍්‍රියාත්මක වුණු මෙම තරගයේ කාසිය වාසිය දිනු කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ නායක මහමදුල්ලා පළමු පන්දුවට පහරදීමේ වාරය චිතගොං කණ්ඩායමට පිරිනෑමු අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් විය

එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ අනමුල් හක් පන්දු 47කදී හයේ පහර 03ක් හා හතරේ පහර 05ක් සමගින් ලකුණු 62ක් ලබා ගත් අතර සවුම්‍ය සර්කාර් ලකුණු 32ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී කුල්නා කණ්ඩායම වෙනුවෙන් අබු ජයෙද් පන්දුවාර 04 යවා ලුණු 26කට කඩුලු 03ක් බිද හෙළු අතර නායක මහමදුල්ලා ලකුණු 22කට එක් කඩුල්ලක් බිද හෙලූහ.ශ‍්‍රී ලංකාව කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක සීකුගේ ප‍්‍රසන්න හට ඊයේ දිනයේදී කුල්නා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවු අතර ඔහු යැවූ පන්දුවාර 02ක් තුල ප‍්‍රතිවාදීන් ලකුණු 14ක් ලබා ගත්හ.

ජයග‍්‍රහණය සදහා ලකුණු 161ක් හඹා ගිය කුල්නා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 02කදී කඩුලු 05ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් විය.
කුල්නා කණ්ඩායම වෙනුවෙන් ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ රේලි රොසෙව් පන්දු 26කදී හයේ පහර 03ක් හා හතරේ පහර 05ක් සමගින් ලකුණු 49ක් රැුස් කළ අතර අනගි ඉනිමක් ක‍්‍රීඩා කළ නායක මහමදුල්ලා සිය කණ්ඩායම ජයග‍්‍රහණය වෙත කැදවා ගෙන යමින් නොදැවී ලකුනු 48ක් ලබා ගත්හ.

තරගයේ වීරයා සම්මානය රෙලී රොසෙව් හට හිමිවිය.

Rate this item
(0 votes)