April 23, 2024

ඉන්දියානු කණ්ඩායමේ තවත් ප‍්‍රබල කඩුල්ලක් බිද වැටෙයි.. සුරංග ගෙන් ලෝක වාර්තාවක්

November 17, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

මේ වන විට සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරන ඉන්දියානු කණ්ඩායම කඩුලු 04ක් බිද වැටී ලකුණු 40ක් ලබා සිටියි.

ඊයේ තරගය නතර කරන විට ලකුණු 17කට කඩුලු 03ක් දැවී සිටි ඉන්දියානු කණ්ඩායමේ ලකුණු පුවරුවට තවත් ලකුණු 13ක් එක් වන විට සි්ව්වැනි කඩුල්ල ලෙස ලකුණු 04ක් ලබා සිටි අජින්ක්‍යා රහානේ දවා ගැනීමට දසුන් ශානක සමත් විය.

මේ අතර ලෝක ටෙස්ට් පිටියේ අඛණ්ඩව වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් යොමුකළ පන්දුයවන්නා වශයෙන් සුරංග ලක්මාල් අද දිනයේ වාර්තා පොත් අතරට විය.ඒ කිසිදු ලකුණක් ලබා නොදී පන්දු 46ක් යොමු කිරීමෙන්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජෙරම් ටේලර් එහි වාර්තාවට හිමිකම් කියු අතර , ඔහු 2015 වසරේදී ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයකදී නිලකුණු පන්දු 40ක් යොමුකර ඇත.

පළමු ටෙස්ට් තරගයේ, කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර කල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් පිටියට ඊයේ (15) සිට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසාවෙන්, පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය ආරම්භ වූයේ පැය 4ක පමණ ප්‍රමාදයකට පසුවයි.

නොදැවී පන්දුවට පහරදෙන චිතේෂ්වර් පුජාරා ලකුණු 23ක් රවිචන්ද‍්‍රන් අශ්වින් ලකුණු 04ක් ලබා සිටියි

Rate this item
(1 Vote)