March 29, 2024

‘සුරා’ ඉදිරියේ අසරණ වුණු ‘කෝලි’ බින්දුවෙන් ටෙස්ට් වර්තා අලුත් කළ හැටි මෙන්න..

November 17, 2017

එළැඹෙන දකුණු අප‍්‍රිකානු සංචාරය අරමුණු කරගනිමින් වේගපන්දුයවන්නන්ට උචිත තනතීරුවක් සකස් කරමින් ඊඩ්න් ගාර්ඩ්න් පිටියේදී ආරම්භ වුණුු පළමු ටෙස්ට් තරගයේදී ඉන්දියානුවන්ගේ සියලු බලාපොරොත්තු බිද දැමීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්වුයේ පන්දුවාර 11යි පන්දු 05ක් තුළදී ලකුණු 17කට කඩුලු 03කන් බිද හෙළමින්.

එහිදී තමා යැවූ පන්දුවාර 06ම නිලකුණු පන්දුවාර ලෙස යොමුකරමින් ඉන්දියානු ප‍්‍රබල පිතිකරුවන් තිදෙනාම දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් විය.
ඉන්දියාවේ ප‍්‍රබල පිතිකරුවන් ලෙස නම් දරා සිටි ලොකේෂ් රාහුල් ලකුනු 0කටත් ශිකර් ධවාන් ලකුණු 08කට් දවාගැනීමට සමත් වු සුරංග තේ පානයෙන් පසු ඉන්දියානු නායක විරාත් කෝලි ද ලකුණු 0කට දවා ගැනීමට සමත් විය.

සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කඩුුල්ල මුවාකිරීමේ වරදට හසුව විරාත් කෝලි දැවී ගිය අතර විනිසුරු තීරණය නැවත සලකා බැලූවද කෝලිට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමේ අවස්ථාව අහිමි විය.කඩුල්ල මුවාකරමින් දැවී ගිය බව ප්‍රධාන විනිසුරු විසින් තීරණය කරනු ලැබීමත් සමගින් ඊට එකඟ නොවූ විරාට් කෝලී විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට තීරණය කළේය. පුනරූපණ නැරඹීමෙන් අනතුරුව ප්‍රධන විනිසුරුගේ තීරණය සමගින් එකඟවූ තෙවැනි විනිසුරුද කෝලී දැවීගිය බවට සහතික කළහ

එම දැවීයාමත් සමග එක් වසරක් තුළ වැඩිම වාරගණනක් ලකුණු නොලබා දැවී ගිය ඉන්දියානු නායකයන් අතර දෙවැනි ස්ථානය විරාත් කෝලි හට හිමිවිය.හිටපු ඉන්දියානු නායක කපිල් දේව් එක් වර්ෂයක් තුළදී (1983) වැඩිම වාරයක් ලකුනු නොලබා දැවී ගිය ඉන්දියානු නායකයා ලෙස අවස්තා 05කදි දැවී ගොස් ඇති අතර විරාත් කොලි ද 2017 වර්ෂයේදී අවස්ථා 05කදී ලකුණු නොලබා දැවී ගොස් ඇත.

මේ අතර 2017 වර්ෂයේදී ලකුනු නොලබා දැවී ගිය නායකයින් අතර ද විරාත් කෝලි(අවස්ථා 05) ඉදිරියෙන්ම පසුවන අතර එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය අවස්ථා තුනකදී ලකුණු නොලබා දැවී ගිය බංගලාදේශ කණ්ඩායමේ නායක මෂ්රීෆ් මොටාසා පසුවෙයි.

මීට පෙර විස්සයි විස්ස තරගයදී ලකුණු නොලබා දැවී ගිය පළමු ඉන්දියානු නායකයා ලෙසද  මෙම වර්ෂයේදී  විරාත් කෝලි වාර්තා පොත් අතරට එක් විය.

Rate this item
(1 Vote)