April 25, 2024

සංගාව පසුකිරීමට 'රාහුල්ට' තිබු අවස්ථාව 'සුරංග' නැති කර දමයි

November 17, 2017

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (16දා) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී වාර්තාගත ඉනිමක් ක්‍රීඩාකිරීමට තිබූ අවස්තාව ඉන්දීය ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ට අහිමි විය.

තරගයේ මුහුණදුන් පළමු පන්දුවෙන්ම ලෝකේෂ් රාහුල්, නිරෝෂන් දික්වැල්ල වෙත උඩපන්දුවක් ලබාදී ලකුණු නොලබාම දැවී ගියේය. මෙම දැවීයාමත් සමග ටෙස්ට් තරග 08කදී අඛණ්ඩව අර්ධ ශතක රැස්කළ ලොව පළමු පිතිකරුවා වීමේ භාග්‍ය හිමිකරගැනීමට තිබූ අවස්ථාව රාහුල්ට අහිමිවිය.

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ අඛණ්ඩව වාර්තාකළ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාව 07ක් වන අතර, රාහුල් සමගින් පිතිකරුවන් 06 දෙනෙකු එම දක්‍ෂතාව දක්වා ඇත. එම පිතිකරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරද සිටින අතර, ඊ.ඩී. වීක්ස් (බ.ඉ. කොදෙව්), ඇන්ඩි ෆ්ලවර් (සිම්බාබ්වේ), ශිවනාරින් චන්ද්‍රපෝල් (බ.ඉ. කොදෙව්) හා ක්‍රිස් රොජර්ස් (ඔස්ට්‍රේලියාව) ඔහු සමගින් සිටින අනෙකුත් පිතිකරුවෝ වෙති.

රාහුල් අවසන් වරට සිදුකළ ශ්‍රී ලංකා තරග සංචාරයේදී (85, 57) මෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේදී (90, 51, 67, 60, 51) අඛණ්ඩව අර්ධ ශතක රැස්කිරීමට සමත් විය.

Rate this item
(0 votes)