April 24, 2024

අපරාජිතව සිටි බංගලි යෞවනයන්ට වැස්ස හරස් වෙයි..පාකිස්තානුවන් තියුණු තරගයකින් පසු අවසන් මහා තරගයට ගිය හැටි මෙන්න

November 17, 2017

මැලේසියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් අපරාජිතව සිට බංගලාදේශ කණ්ඩායම පරදා ඩක්වත් ලුව්ස් න්‍යාය මත ලකුණු 02 ක තියුණු ජයක් ලබමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට පාකිස්තානු කණ්ඩායම ඊයේ(16) සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 275ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට නොදුන් බංගලාදේශ පන්දුයවන්නෝ පාකිස්තානුවන්ගේ පළමු කඩුලු 03 ලකුනු 51ක් තුළ බිදහෙළීමට සමත් විය.

ඉන් අනතුරුව රොහිල් නසීර් සමග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සම්බන්ධතාවක් ද, පස්වන කඩුල්ල වෙනුවෙන් ශාඩ් ඛාන් සමග එක්ව ලකුණු 77ක සම්බන්ධතාවක් පැවැත් වු මොහොමඩ් තාහා පාකිස්තානුවන්ගේ ඉනිමේ කොදු නාරටිය වෙමින් පන්දු 97කදී ලකුණු 92ක් ලබා ගැනීමට සමත් විය.

තාහා දවාගනිමින් යළි තරගයට අවතීර්ණ වීමට බංගලාදේශ කණ්ඩායම සමත් වු නමුත් ඉන් අනතුරුව ඇතිවු වර්්ෂාව හේතුවෙන් තරගය නතර කර දැමීමට විනිසුරුකරුවන් තීරණය කළහ.ඒ අවස්ථාවේදී පාකිස්තානු ලකුණු පුවරුව දිස්වුයේ කඩුලු 05කට ලකුණු 199ක් ලෙසයි. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යාය මත ලකුණු 02කින් ඉදිරියෙන් සිටි පාකිස්තානු කණ්ඩායම අවසන් පූර්ව තරගයේ ජය හිමිවිය

පාකිස්තානයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ලකුනු 274ක් ලබා ගත්හ.එහිදී පිනාක් ගෝෂ් ලකුණු 82ක් ද මොහොමඩ් සයිෆ් හසන් ලකුණු 61ක්ද අෆීෆ් හුසේන් නොදැවී ලකුණු 52ක්ද ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය

Rate this item
(0 votes)