April 25, 2024

අකිල පන්දුවෙන් දස්කම් දක්වද්දී මහේලගේ අයි.පී.එල් ගෝලයා කුල්නා පිළ වනසයි

November 15, 2017

කිරන් පොලාඩ්ගේ ප‍්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 04ක ජයක් හිමිකරගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම ඊයේ සමත් විය.

බී.පී.එල් තරගාවලියේ 13වැනි තරගය ලෙස පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනු ඩකා කණ්ඩායමේ නායක සකීබ් අල් හසන් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කුල්නා ටයිටන්ස් කණ්ඩායමට ලබාදුණි.ඒ අනුව පළමුව ලකුනු රැස් කළ මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණු කරු ලෙස කටයුතු කරන කුල්නා ක‍්‍රීඩකයෝ නියමිත පන්දුවාර තුළදී කඩුලු 05කට ලකුණු 156ක් ලබා ගැනීමට සමත් විය

එහිදී බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස නායක කාලෝස් බ‍්‍රත්වෙයිටි ප‍්‍රහාරාත්ම ඉනිමක් දියත් කරමින් පන්දු 29කදී දැවැන්ත හයේ පහර 06ක් හා හතරේ පහර 04ක් සමගින් නොදැවී ලකුණු 64ක් රැස් කළ අතර රීලී රොසෙව් ලකුණු 34ක් රැුස් කිරීමට සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 157ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඩකා කණ්ඩායමේ ප‍්‍රබල පිතිකරුවන් 05දෙනෙකු ලකුණු 41ක් තුළ ක‍්‍රිඩාගාරයට යැවීමට කුල්නා කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වු නමුත් හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මහේලගේ මුම්බායි ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයකු වන කිරන් පොලාඩ් පන්දු 24කදි දැවැන්ත හයේ පහර 06ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 55ක් රැස් කිරීමෙන් ඩකා කණ්ඩායමට ජයග‍්‍රහණයේ මාවත විවෘත කර දුන්හ.

පොලාඩ් හට අනගි සහයක් ලබා දුන් ජහුරුල් ඉස්ලාම් පොලාඩ් දැවී ගිය පසු සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 39කදී ලකුණු 45ක් රැස් කිරීමෙන්.

පන්දු යැවීමේදී සයිෆුල් ඉස්ලාම් කඩුලු 02ක්ද ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක‍්‍රිඩක අකිල ධනංජය පන්දුවාර 04 යවා ලකුණු 17කට එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් විය.

කුල්නා ටයිටන්ස් කණ්ඩායම – කඩුලු 05ක් දැවී ලකුනු 156 (පන්දුවාර 20)
කාලොස් බ‍්‍රත්වෙයිට් නොදැවී 64, රිලී රොසෙව් 34, නස්මුල් හුසේන් 24,අබු හේදර් 2/40, සුනිල් නාරායන් 1/22

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම – කඩලුු 06ක් දැවී ලකුනු 157 (පන්දුවාර 19.5)
කිරන් පොලාඩ් 55, ජහුරුල් ඉස්ලාම් නොදැවී 45 සකීබ් අල් හසන් 20, සයිෆුල් ඉස්ලාම් 2/24, අකිල ධනංජය 1/17

Rate this item
(0 votes)