April 24, 2024

‘මම ගොඩක් වෙහෙස වෙලා ඉන්නේ’.. පාන්ඩ්‍යා මාධ්‍යට කතා කරයි ..කෝලිටත් අවසන් තරගය අහිමි වන ලකුණු

November 15, 2017

එළැඹෙන ශ්‍රී ලංකා-ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරග දෙක සඳහා නම්කළ ඉන්දීය සංචිතයෙන් තුන් ඉරියව් ක්‍රීඩක හාර්ඩික් පාන්ඩ්යා ඉවත්කර කරනු ලැබූ අතර ඉදිරියේදී ඔහු මුහුණ දිය හැකි ආබාධිත තත්ත්වයන්ගේ අවදානමෙන් බේරා ගැනීමේ අරමුණෙන් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගත් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.

ක‍්‍රිකට් පාලක මණ්ඩලය එම ගත් තීරණය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දැක්වු හර්දීක් පාණ්ඩ්‍යා පවසා සිටියේ ශ‍්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියේදී විවේකගැනීම සදහා ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් තමන් ඉල්ලීමක් කළ බවයි.පසුගිය සමගේ අධික තරග සංඛ්‍යාවක සහභාගී විමට හේතුවෙන් විවේකයක් අවශ්‍ය වීම මීට හේතුව බව පාණ්ඩ්‍යා වැඩිදුරටත් පවසා සිටියා.

‘ අවංකවම කියනවා නම් මම ඒ වෙනුවෙන් ඉල්ලීමක් කළා. මොකද මම බොහොම වෙහෙස වෙලා හිටියේ පහුගිය සමයේ ක්‍රිකට් තරග රාශියකට සහභාගි වෙලා. මට තරගයකට සහභාගි වෙනවනම් ඒකට සීයයට සීයක්ම දෙන්න ඕනෙ. ‘ යැයි පවසා සිටියේය.

ඔහුට ලබා දෙන මෙම විවේක කාල වකවානුව තුළ පාන්ඩ්යාගේ ශාරීරික තත්ත්වය තවදුරටත් අධ්‍යයනය කොට සකස් කිරීම සඳහා බැංගලෝර් නගරයේ පිහිටි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත ඔහු යොමු කිරීමට කටයුතු සලසා ඇත.

තවද 24 හැවිරිදි වියේ පසුවන පාන්ඩ්යා ඉන්දියාව මෑත කාලයේ සහභාගි වූ (ආකෘති තුනේම) තරග 33න් 30කටම ක්‍රීඩා කර ඇති අතර, පසුගිය ජුනි මාසයේ සිට සලකා බැලූ විට ඔහු යවා ඇති පන්දුවාර ගණන (147.2) ඉන්දීය පිලේ කිසිදු පන්දු යවන්නෙක් යවා නැතැයිද පැවැසේ.

කෙසේ වෙතත් පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා පිලට එරෙහිව ටෙස්ට් වරම් ලබමින් මංගල තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කළ පාන්ඩ්යා පල්ලෙකැලේදී එම තරගයේදීම ශතකයක් ලබා දස්කම් දැක්වීය. ඉන්දීය ක්‍රිකට් පාලකයන් ක්‍රියාවට නංවන ක්‍රීඩකයන් තරගයෙන් තරගයට හුවමාරු කිරීමේ ක්‍රියා පිළිවෙත අනුව පාන්ඩ්යාද ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරග දෙකෙන් ඉවත්ව තබා ඇති අතර, ඒ අනුව යමින් පසුගිය ශ්‍රී ලංකාවට එරෙහි එක්දින හා විස්සයි-20 තරගාවලියේදී අෂ්වින් හා ජදේජාද විවේක ගැන්වීය.

මේ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව එළැඹෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය නායක විරාත් කෝලි විවේක ගැන්වීමට ඉඩ ඇතැයිද දැනගන්නට ඇත. කෙසේ වෙතත් දෙරට අතර පළමු ටෙස්ට් තරගය මේ මස 16දාත්, දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග පිළිවෙළින් මේ මස 24දා හා දෙසැම්බර් 2දා යන දිනවලදීත් ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරග දෙක සඳහා තරග වැදීමට අදාළ ඉන්දීය සංචිතය මෙසේය.

විරාත් කෝලි (නායක), ලෝකේෂ් රාහුල්, මුරලි විජේ, ශිකර් ධවාන්, චෙතේස්වර් පුජාරා, අජින්කියා රහනේ (උප නායක) රෝහිත් ෂර්මා, රිද්දිමාන් සහ (කඩුලු රකින්නා) ආර්. අෂ්වින්, රවීන්ද්‍ර ජදේජා, කුල්දීප් යාදව්, මොහොමඩ් සාමි, උමේෂ් යාදව්, බුවනේෂ්වර් කුමාර්, ඉෂාන්ට් ෂර්මා.

Rate this item
(0 votes)