April 26, 2024

මම ක‍්‍රීඩා කරන දවස්වලත් හොදම පිතිකරුවන් හිටියා..තරගයට පෙරම මුරලි හෙට තරගය ගැන අනාවැකිය කියයි

November 15, 2017

ඉන්දියානු කණ්ඩායම සමග නොවැම්බර් මස 16වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ජයගැනීමට ශ‍්‍රී ලංකාවට පවතින අවස්ථා අවම බව ලෝකයේ වැඩිම කඩුලු ලාභි මුත්තයියා මුරලිදරන් පවසනවා

'අපිට ඉන්දියාවේ ටෙස්ට් මැච් එකක් දිනන්න තියන අවස්තා ගොඩක් අඩුයි.සියලුම ජාත්‍යන්තර කණ්ඩායම් ඉන්දියාව පරාජයට පත් කිරීමට දැඩි උත්සාහයන් ගන්නවා..පසුගිය අවුරුදු 13දීම ඉන්දියාවේදී දිනල තියෙන්නෙ කණ්ඩායම් දෙකක් විතරයි.මේ වන විටත් ඉන්දියාව ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම..'

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා උරගා බැලීමට ඉන්දියාවට එරෙහි තරගාවලිය තුලින් හැකිවනු ඇතැයි ද මුරලි පෙන්වා දී තිබේ.

ලෝකයේ දග පන්දු රජු ලෙස හැදින්වෙන මුරලිදරන් 2010 වර්ෂයේදී ටෙස්ට් ක‍්‍රිඩාවෙන් සමුගත් අතර 1994 සිට 2009 වර්ෂය දක්වා ඉන්දියාවේ තරගාවලි 04ක් ක‍්‍රීඩා කර ඇතත් එක් ජයක් හෝ සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් විය.

'මම ඉන්දියාවත් එක්ක ක‍්‍රීඩා කරන දවස්වල ලෝකයේ හොදම පිතිකරණ ලැයිස්තුව තිබුණෙ ඒ අයට..දැන් වගේම ඒ දවස්වලත් ඔවුන්ගේ පිතිකරුණ අංශය ගොඩක් ශක්තිමත්. ශෙවාග්, ගාම්භීර්, ඩ‍්‍රාවිඩ්, තෙන්දුල්කාර්, ගංගුලි, වි.වී.එස් ලක්ෂමන් සහ දෝනි වගේ හොදම හත්දෙනෙක් හිටියා..'

මුරලි වැඩිදුරටත් පවසා සිටියේ ගතවු වසර 22 ක කාලය තුල ඉන්දියාවට ද ශ්‍රී ලංකාව තුලදී කිසිදු ටෙස්ට් තරගාවලියක් ජයගැනීමට නොහැකි වී ඇති බවයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවේ ටෙස්ට් තරගයක් ජයග‍්‍රහණය කිරීමට තිබු ආසන්නතම අවස්ථාව ලෙස සටහන් වන්නේ 2009 වර්ෂයේ අහමඩාබාද් හිදී පැවැති ටෙස්ට් තරගයයි.එහිදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානු පළමු ඉනිමට වඩා ලකුණු 300කට වැඩි ප‍්‍රමාණයක් ඉදිරියෙන් සිටියත් පන්දුවාර 130ක් තුළ ඉන්දිය පිතිකරුවන් දවාගැනීම ශ‍්‍රී ලංකා පන්දුයවන්නෝ අසමත් වූහ

ඒ පිලිබදව සිය මතකය අවධිකරන මුරලිදරන් පවසන්නේ මෙවන් අදහසක්

'අපිට ඒ තරගයේ අවස්ථාව තිබුණ ජයගන්න..අපි ඒකට ගොඩක් ලංවුනා..ඒත් අපිට ඒක ලබාගන්න බැරිවුනා'

ශ‍්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය කල්කටහීදී පැවැත්වෙන අතර දෙවන හා තෙවන තරග පිළිවෙළින නාග්පූර් හා දිල්ලිහීදී පැවැත්වෙයි.

Rate this item
(0 votes)