March 29, 2024

ශ‍්‍රී ලංකා යෞවනයෝ පාකිස්තානුවන් ඉදිරියේ දණ නමති

November 14, 2017

ආසියානු ක‍්‍රිකට් සම්මේලනය විසින් සිව්වැනි වරටත් සංවිධානය කරල ලබන මැලේසියාවේදී පැවැත්වෙන යොවුන් අසියානු කුසලාන ක‍්‍රිකට් තරගවලියේ සහභාගී වු තෙවැනි තරගයෙන් පාකිස්තානු කණ්ඩායම හමුවේ කඩුලු 03ක පරජායක් ලැබීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය

ජයග‍්‍රහණය සදහා ලකුණු 142ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 1කදී කඩුලු 07ක් දැවී තිබියදී සිය ජයග‍්‍රහණය සපුරා ගත්හ.

පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් රොහිල් නසීර් පන්දු 58කදී ලකුණු 48ක් ලබා ගනිමින් ජයග‍්‍රහණය සදහා මෙහෙයවු අතර ඊට අමතරව මොහොමඩ් තාහා ලකුණු 31ක්ද ෂාඩ් ඛාන් ලකුනු 22ක්ද ලබා ගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමග පැවැති තරගයේදී කඩුලු 05ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිකරගත් ප‍්‍රවීන් ජයවික‍්‍රම මෙම තරගයේදී කඩුලු 04ක් දවාගනිමින් දස්කම් දැක්වීය

කින්රාරා ඔ්වල් ක‍්‍රීඩාංගණයේදී තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ආරම්භ වුණු මෙම තරගයේ කාසිය වාසිය දිනු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක කමිදු මෙන්ඩිස් ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එම ගත් තීරණයට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වු ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 04කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 141ක් පමණි.

කඩුලු 07ක් ලකුණු 76ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් තුල බිද වැටී තිබියදී නුවනිදු ප‍්‍රනාන්දු සමග 08වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක් ද, කෙවින් කොත්තිගොඩ සමග එක්ව 09වැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 43ක් ද එක්කරමින් ශ‍්‍රී ලංකාවේ ගෞරවය රැකගත් අශේන් බණ්ඩාර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් ලකුණු 49ක් ලබා සිටියදී අවාසනාවන්ත අයුරින් දැවී ගිය අතර ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වු කෙවින් කොත්තිගොඩ ලකුණු 20ක් ලබා ගැනීමට සමත් විය.

පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී විශිෂ්ට දස්කම් දැක්වු මොහොමඩ් මූසා පන්දුවාර 10යවා ලකුණු 25කට කඩුලු 03ක් ද මුනීර් රයිස් ලකුණු 30කට කඩුලු 03ක්ද දවා ගැනීමට සමත් විය.

Rate this item
(0 votes)