April 19, 2024

අෆ්රිඩීගේ බිහිසුණු ප‍්‍රහාරයෙන් තරංගලා ඇද වැටෙයි

November 14, 2017

ෂහීඩ් අෆ්රිඩිගේ තුන් ඉරියව් දක්‌ෂතා හේතුවෙන් බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලිය යටතේ පැවැති 10 වැනි තරගයෙන් ෂිලාත් සික්‌සර්ස්‌ හමුවේ කඩුලු 9 ක පහසු ජයක්‌ වාර්තා කිරීමට ඩකා ඩයිනමයිට්‌ස්‌ සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ෂිලාත් සික්‌සර්ස්‌ කඩුලු 9 ක්‌ දැවී රැස්‌කරන ලද ලකුණු 101 ක ඉලක්‌කය හඹාගිය ඩකා ඩයිනමයිට්‌ස්‌ පන්දුවාර 7.5 කදී කඩුල්ලක්‌ දැවී ලකුණු 106 ක්‌ සමගින් අදාළ ඉලක්‌කය සපුරා ගැණින.

එහිදී පන්දු යවමින් ලකුණු 12 කට කඩුලු 4 ක්‌ සහ ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පිවිස හයේ පහර පහක්‌ සහ හතරේ පහරක්‌ සමගින් පන්දු 17 කදී ලකුණු 37 ක්‌ රැස්‌කළ ෂහීඩ් අෆ්රිඩි තරගයේ වීරයා බවට පත්විය.

අෆ්රිඩී දැවී ගිය පසු වේගවත් ප‍්‍රහාරයක් දියත් කළ බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩක එවින් ලුවිස් පන්දු 18කදී හයේ පහර 05ක් හා හතරේ පහර 02ක් සමගින් නොදැවී ලකුණු 44ක් ලබා ගත්හ.

ෂිලාත් සික්‌සර්ස්‌ පිල වෙනුවෙන් දිගින් දිගටම ශතක රැස්‌කළ උපුල් තරංගට මෙම තරගයේදී රැස්‌කරගත හැකිවූයේ එක්‌ ලකුණක්‌ පමණි. මීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම කණ්‌ඩායමට ඇතුළත්ව සිටි ධනුෂ්ක ගුණතිලක ලකුණු 15 ක්‌ සහ වනිදු හසරංග ලකුණු 8 ක්‌ වශයෙන් රැස්‌කර ගත්තේය.

Rate this item
(0 votes)