April 20, 2024

හතුරුසිංහගේ පැමිණීම ගැන ඉන්දියාවේ සිටින දිමුත් කියන කතාව මෙන්න

November 13, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් චන්දික හතුරුසිංහ මහතා පැමිණෙන බවට රාවයක් පැතිර යන බවත් ඔහු එසේ පැමිණේනම් එය ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ දෙයක් බවත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පවසයි.

ඉන්දියාව හා පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින කරුණාරත්න ඉන්දීය මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

“ඇත්තටම (එය ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ දෙයක්) ඔහු අපේ කණ්ඩායමේ ගොඩක් අය දන්නවා. මමත් ඔහු යටතේ ක්‍රීඩා කර තිබෙනවා. ඉතින් ඒක අපිට හොඳ දෙයක්. නමුත් ඔහු එනවද නැත්ද කියලා මට අදහසක් නෑ. ඔහු එනවා කියලා කතාවක් ඇහුණා. නමුත් එය තවමත් තහවුරු නෑ. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරාවි.”

Rate this item
(0 votes)